සිතුල්පවුව නිධන් හෑරූ සැකකරුවන් හයක් අත්අඩංගුවට

195


ඓතිහාසික සිතුල්පවුව රජමහා විහාරයේ පිහිටි කුඩා සිතුල්පවුව පුදබිමේ පිහිටි දාගැබක ගර්භය හාරා නිධන් වස්තු පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව තිස්සමහාරාමලයෝධකන්ඩිය පදිංචි සංචාරක මගපෙන්වන්නෙකු හා හෙරොයින් ජාවාරම් කරුවෙකු වන 46 හැවිරිදි අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු විමර්ෂණ කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් මේ වන විට පොලිසිය ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන අතර සැකකරුවන් හෙට (03දා) තිස්සමහාරාම මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment