සිදුරු වූ බාහුවේ අභිරහස

429

අමරේන්ද්‍රන් පාණ්ඬේ මහත්මා ගතිගුණයෙන් හෙබි උගත් තරුණයෙකි. ඔහු සමාජයේ ඉතා ප‍්‍රසන්න චරිතයක් විය.

1933 වසරේ නොවැම්බර් 26 වැනි දින අමරේන්ද්‍රන් පාණ්ඬේ ඉන්දියාවේ කල්කටා දුම්රිය ස්ථානයේ සිටියදී දුහුල් කමිසයකින් සැරසී සිටි පුද්ගලයෙක් අමරේන්ද්‍රන්ගේ බාහුවේ ගැටීමත් සමග ඔහුගේ අත තදින් වේදනා දෙන්නට විය. අසාමාන්‍ය වේදනාව නිසා අමරේනද්‍රන් ගමන නවතා රුධිර පරීක්ෂාවක් කර ගැනීමට සූදානම් වුණත් අනපේක්ෂිත ලෙස දුම්රියපොළට පැමිණි ඔහුගේ ඥාති සහෝදර හෙවත් සුළු පියාගේ පුත් බියෝන්ද්‍රන් කියා සිටියේ මේ ගැන එතරම් තැකීමක් කිරීම අනවශ්‍ය බවයි. බිනොයේන්ද්‍ර ඔහුට වඩා වැඩිමිහල් නිසාම අමරේන්ද්‍රන්ද මේ ගැන අපහසුවෙන් වුවත් අමතක කර දුම්රියෙන් ඔහු විසින් සැලසුම් කළ පරිදි පවුල සහ අමරේන්ද්‍රන්ගේ පවුල අතර දෙවසරක කාලයක් පුරා යම් යම් මතභේදාත්මක තත්ත්වයක් පැවතුණි.

  • අමරේන්ද්‍රන්ට මහාමාරිය…

දින කීපයක් ගෙවී යත්ම අමරේන්ද්‍රන් තද උණ ගතියකින් පීඩා වින්ද අතර වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව තහවුරු වුණේ ඔහු මහාමාරිය ඇති කරවන මාරාන්තික ශැරිසබස් චැිඑසි බැක්ටීරියාවෙන් ආසාදිතව සිටින බවයි. දෙසැම්බර් තුන්වැනිදා රාති‍්‍රයේ ඔහු මියගියේ මහාමාරිය බැක්ටීරියාවෙන් ආසාදිතව නිව්මෝනියා රෝග තත්ත්වයට ගොදුරු වූ නිසා බැව් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.

1896-1918 අතර කාලයේදී මීයන් වැනි කෘන්තක දත් ඇති කුඩා සතුන්ගෙන් සහ මැක්කන්ගෙන් බෝවන මහාමාරිය නිසා ඉන්දීය උපමහාද්වීපයේ මිලියන 12 කට අධික ජනගහනයක් මරණයට පත් විය. නමුත් 1929 සිට 1938 දක්වා වූ කාලයේදී මහාමාරිය නිසා ඇති වුණ මරණ සංඛ්‍යාව මිලියන බාගයක් දක්වා පහත වැටුන අතර අමරේන්ද්‍රන්ගේ මරණය සිදු වුන වසර තුනක ආසන්න කාලයේදී කල්කටාවෙන් එකදු මහාමාරිය රෝගියෙකු හෝ වාර්තා නොවීය. ඒ නිසාම අමරේන්ද්‍රන් මහාමාරිය ආසාදිතයෙකු වීම් යම් ආකාරයකින් ගැටලූ සහගත තත්ත්වයක් නොවුනාමත් නොවේ.

  • බැක්ටීරියා සොරකමක්..

මේ අතර කල්කටාවට කිලෝමීටර් 1900 ක් පමණ දුරින් පිහිටි මුම්බායි රෝහලෙන් බැක්ටීරියාවක් සොරකම් කිරීමේ කුමන්ත‍්‍රණයක සුළ මුළ හෙළි විය. පවුලේ දේපළ සම්බන්ධයෙන් තිබුණ මතභේදාත්මක තත්ත්වය නිසා අමරේන්ද්‍රන්ගේ සුළු පියාගේ පුත් බිනොයේන්ද්‍ර විසින් ඔහුගේ මිත‍්‍රයෙකු වූ වෛද්‍ය තාරානාත් භට්ටාචාර්යගේ උදව් ඇතුව 1932 වසරේ පටන්

රසායානාගාර වලින් බැක්ටීරියා රෝපණ සාම්පලයක් ලබා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. භට්ටාචාර්ය විසින් ‘‘හෆ්කින් ඉන්ස්ටිටියුට් ’’ ඉන්දිය බැක්ටීරියා රෝපණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂවරයාගෙන් බැක්ටීරියා සාම්පලයක් ඉල්ලා සිටි නමුත් ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් බෙංගාලයේ ප‍්‍රධාන වෛද්‍යවරයාගේ අවසරය ලබා ගත යුතු බවයි. මේ නිසා කල්කටාවේ වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගත් භට්ටාචාර්ය ඔහු මහාමාරියට එරෙහිව ප‍්‍රතිකර්මයක් සොයා ගත් බවත් එහි පර්යේෂණ වෙනුවෙන් මහාමාරිය බැක්ටිරියා නියැඳියක් අවශ්‍ය බවත් දන්වා සිටියේය.

උසාවි නියෝග අනුව බැක්ටීරියා නියැඳියක් ලබා දුන් නමුත් මෙය රෝපණයට අවශ්‍ය පරිසරයක් නොමැති නිසා පර්යේෂණය අතරමග නතර කිරීමට සිදු විය. නමුත් 1933 වසරේදී හෆ්කින් ආයතනයට කල්කටා වෛද්‍යවරයා විසින් ලිපියක් ඉදිරිපත් කරමින් භට්ටාචාර්යගේ මහාමාරිය ප‍්‍රතිකාර සඳහා පර්යේෂණ සිදු කිරීමට හෆ්කින් පර්යේෂණාගාරය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මේ වසරේදී බොම්බාය වෙත ගිය බිනොයේන්ද්‍ර භට්ටාචාර්ය සමග එක් වී මෙම ආයතනයට අනුයුක්තව සේවය කළ පශු වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දී ඔවුන් ලවා බැක්ටීරියා සාම්පලයක් සොරකම් කර ගැනීමට උත්සාහ කරන ලදී. භට්ටාචාර්ය වෛද්‍යවරයා රසායානාගාරයේදී කිසිදු පර්යේෂණයක් පවත්වන ලද බවට කිසිදු සාධකයක් දෙයක් නොවීය.

  • අමරේන්ද්‍රන් පාණ්ඬේ ඝාතනයෙන් පසු…

අහම්බෙන් මෙන් අමරේන්ද්‍රන් පාණ්ඬේගේ සිරුරේ ගැටුන පුද්ගලයා විසින් මහාමාරිය බැක්ටීරියාව මුදා හැරීම නිසා ඇති වුණු ආසාදනයෙන් අමරේන්ද්‍රන් මියගිය බැව් තහවුරු විය. මේ නිසා භටට්ාචාර්ය සහ බිනොයේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් සතුව තිබූ ලියකියවිලි අතර ඔවුන් නවාතැන් ගත් හෝටලය, එහි රෙජිස්ටරයේ තැබූ සටහන, රසායනාගාරයට යැවූ ලිපි, ආදිය විය. උසාවිය තීන්දු කළ අන්දමට මෙම චූදිතයන් දෙදෙනා විසින් බොම්බාය රෝහලෙන් මහාමාරිය බැක්ටිරියාව සොරකම් කර ගෙන ඒවා කල්කටාව වෙත ගෙන ගොස් 1933 වසරේ නොවැම්බර් 26 වැනි දින දක්වා සජීවි ලෙසින් තබා ගත්බවට සාක්ෂි තිබෙන බවයි. ඒ අනුව පවුලේ දේපළ පිළිබඳව තිබුන ගැටුම නිසාම අමරේන්ද්‍රන් ඝාතනයට මෙම බැක්ටීරියාව යොදා ගත් බැව් උසාවිය තහවුරු කරන ලදී.

බීබීසී පුවත්
පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment