සිමෙන්තිත් නෑ….. වැඩත් නෑ

109

පවත්නා සිමෙන්ති හිගය හේතුවෙන් මේසන්වරුන්ගේ පටන් එ් හරහා ජීවිකාව සරිකරගන්නා බොහෝ පිරිසකගේ ආදායම් අහිමිව ඇතැයි සිමෙන්ති ආශ‍්‍රිතව රැකියා කරන පිරිසක් පවසයි.

කුලියාපිටිය නගරයේ පෙරේදා (31) සවස පැවති නිහඩ විරෝධයකට එක්වෙමින් එහි කැ`දවුම්කරු චමින්ද සදරුවන් මහතා පැවසීය.

එහිදී විරෝධතාවයේ යෙදෙමින් ඔවුන් කියා සිටියේ කොන්ත‍්‍රාත් කරුවන්, කුලී හයර් රථ, මෙන්ම සිමෙන්ති ආශ‍්‍රිත නිපැයුම් කරන්නන්ද සිමෙන්ති හි`ගය නිසා මේසන්වරුන් මෙන්ම දැඩි පීඩාවට පත්ව ඇති බවයි. රජය වහා මැදිහත්ව සිමෙන්ති ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලීම් කරමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණකරුවන් පැයක් පමණ විරෝධතාවයේ නිරත වූහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment