සියදිවි හානි කරගැනීමේ මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පැතිකඩ

3396

සියදිවි නසා ගැනීම අද වන විට සමස්ථ ලෝකයේම අවධානයට ලක්ව ඇති බරපතළ ගැටලූවකි. මෙම ගැටලූව සඳහා විසඳුම් සෙවීමට තවමත් මනෝවිද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් හා දාර්ශනිකයන් යන පිරිස් වෙහෙසෙති. අතිවිශාලතම ඛේදවාචකය වනුයේ ලොව පුරා වාර්ෂිකව දිවිනසා ගැනීම හේතුවෙන් දස ලක්ෂයකට අධික පිරිසක් මියයෑම ය. එහෙත් ඇතැම් රටවල සංඛ්‍යා ලේඛන නිසියාකාරව නොලැබීම හේතුවෙන් මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් වන බව පැහැදිලිය. මෙහිදී සැලකිය යුතුම කරුණ වනුයේ මෙම ප‍්‍රවණතාවය බුද්ධිමය අතින් ඉහළම සත්ත්වයා වන මිනිසා අතර පමණක් පවතින ඛේදජනක සිදුවීමක් වීමය. ඒ අනුව මිනිසා මරණයට පත්වන ක‍්‍රම රාශියක් පැවතුන ද ඒවා ප‍්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනු ලබයි. එනම් ස්වභාවික මරණ, අනතුරු හේතුවෙන් සිදුවන මරණ, ඝාතන සහ සියදිවි නසා ගැනීම යන ඒවාය. එබැවින් මෙහිදී මිනිසා සියදිවි නසා ගැනීම සඳහා යොමුවන මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පැතිකඩයන් පිළිබඳව අවධානය යොමුකරනු ලබයි.

ඒ අනුව සියදිවි නසා ගැනීම දෙස මනෝවිද්‍යාත්මක දෘෂ්ටියෙන් බලන විට යම් කටයුත්තක් කිරීම සඳහා ශාරීරික වශයෙන් හෝ සාමාජික වශයෙන් මිනිසා පෙළඹවීම අභිපේ‍්‍රරණය ලෙස හැඳින්වේ. මෙම පේ‍්‍රරණ අභ්‍යන්තර හා බාහිර වශයෙන් පවත්නා අතර පිපාසය, බඩගින්න, ලිංගිකත්වය වැනි ඒවා ජෛවීය පේ‍්‍රරණ වශයෙන් හඳුන්වනු ලබයි. එසේම ජයගැනීම, මුදල්

රැස්කිරීම බලය රැකගැනීම ආදිය සමාජ පේ‍්‍රරණ වශයෙන් හඳුනාගත හැක. මෙම පේ‍්‍රරණ තුළ ප‍්‍රධාන අංග 3ක් දැකිය හැකි අතර ඒවා පේ‍්‍රරණය, පේ‍්‍රරිත චර්යාව හා නිශ්ඨාව (අරමුණ) වශයෙන් දැක්විය හැකිය. උදාහරණයක් ලෙස තරුණයෙක් හා තරුණියක් අතර ඇති වන පේ‍්‍රමය පේ‍්‍රරණයකි. එහිදී තරුණයා තරුණිය හා මිත‍්‍රවීමට දරන උත්සහය පේ‍්‍රරිත චර්යාවයි. තමා ඇලූම් කරනු ලබන තරුණිය

ලබාගැනීමට තැත් කිරීම අවසාන අරමුණය. මෙසේ යම් කෙනකුට තම නිශ්ඨාව හෙවත් අරමුණ කරා ගමන් කිරීමට නොහැකි වනවිට දී සියදිවි හානි කරගැනීමට තැත් කිරීම දැකිය හැකිය.

මිනිසෙකු සියදිවි හානි කරගැනීමට බලපානු ලබන ප‍්‍රධානතම හේතුවක් වනුයේ ඉච්ඡුාභංගත්වයේ බලපෑමය. එනම් මිනිසෙකු සතු සියලූම බලාපොරොත්තු බිඳ වැටී ඉමහත් කලකිරීමට පත්වීමය. ඉච්ඡුාභංගත්වයේ දැකිය හැකි ප‍්‍රධාන ලක්ෂණයක් වනුයේ දැඩි ආතතියට පත්වීමය. මෙලෙස සිදුවන මානසික අවපීඩනය හේතුවෙන් ඇති වන චිත්තවේග හේතුවෙන් මිනිසුන් සියදිවි නසා ගැනීමට යොමු වේ. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලබන මනෝවිද්‍යාඥයන් දිවිනසා ගැනීමට බලපානු ලබන ආවේගවල දී ක‍්‍රියාත්මක වන්නේ ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියට අයත් ස්වත‍්‍රන්ත‍්‍ර ස්නායු පද්ධතිය බව පෙන්වාදෙනු ලබයි. (Outonomic System) ඒ අනුව මිනිස් ශරීරයේ ඇති ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය මගින් මිනිසාගේ සැ`ගවුණු ප‍්‍රචංඩ බව, රාගය වැනි ගුණාංගයන් ඉස්මතු කරන බැවින් ක්ෂණික තීරණ ගැනීමට පෙළඹේ. තවද සෑම පුද්ගලයකු සඳහාම බලපානු ලබන ප‍්‍රධාන ආවේග 3ක් ලෙස සොම්නස, බිය හා කෝපය පෙන්වාදිය හැකිය. මෙහිදී දිවිනසා ගැනීමට බලපානුයේ බිය හා කෝපය යන ආවේගයන් ය. ඉච්ඡුාභංගත්වය සමග බිය හා කෝපය යන ආවේගයන් පැමිණි විට අනුන්ගෙන් පළිගැනීමට නොහැකි වූ පුද්ගලයා තම ජීවිතයෙන් පළිගැනීමට පෙළඹේ. එමෙන්ම කෙනකු තුළ ඇතිවන අධික ලැජ්ජා සහගත ස්වභාවය සහ දුක හේතුවෙන් ද දිවිනසා ගැනීමට පෙළඹේ.

මනෝවිශ්ලේෂණවාදී විග‍්‍රහයේ දී මිනිසාගේ විවිධ චර්යාවන් සඳහා පොළඹවන අභ්‍යන්තර සාධක පිළිබඳව තර්තමානයේ පවා පර්යේෂණ සිදුකරනු ලබයි. මෙහිදී මිනිසා තුළ පවතින අභ්‍යන්තර ශක්තිය හෙවත් අවිඥානික ක‍්‍රියාකාරීත්වය වැදගත් වන බව හඳුනාගෙන ඇත. මෙය සිග්මන් ප්‍රොයිඞ් නැමති ප‍්‍රකට මනෝවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඔහුට අනුව මනසේ මූලික අංශ දෙකකි. එනම් අවිඥානය සහ විඥානය යන අංශයන් ය. මෙහිදී අපගේ යටි සිතේ ක‍්‍රියාකාරීත්වය අවිඥානය යටතට වැටේ. මෙම මිනිස් සිතෙහි ස්වරූපය යමක් ගොඩනැ`ගීමට මෙන්ම විනාශ කිරීමට ද ස්වභාවිකව කැමැත්තක් දක්වයි. මෙහිදී විනාශ කිරීම යටතේ අනුන් විනාශ කිරීමට පෙළඹීම හා තමන්වම විනාශ කරගැනීමට යොමුවීම දැකිය හැකිය. එහිදී සිතෙහි ඇතිවන විවිධ දැඩි ආශාවන් ඉෂ්ට කැගැනීමට නොහැකි වූ විට මිනිසුන් දිවිනසා ගැනීමට පොළඹවන සාධකයක් ලෙස පෙන්වාදිය හැකිය. කනගාටුදායක තත්ත්වය වනුයේ ලොව පුරාම සියදිවි නසා ගැනීමේ ප‍්‍රතිශතය වර්තමානය වන විට සීග‍්‍රයෙන් වර්ධනය වී පැවතීමය. ශ‍්‍රී ලංකාවේ මෑතභාගයේ දිවිනසා ගැනීම්වලට බහුලවම බලපා ඇත්තේ ලිංගිකත්වය නැමති ප‍්‍රපංචයේ බලපෑම බව පෙනීයයි. එහිදී අනියම් සබඳතා, දූෂණ, ලිංගික ඊර්ෂියාව වැනි සාධක සෘජුවම බලපානු ලබයි. ඒ අනුව මිනිස් චිත්තයේ ඇති වන විවිධ ආවේග හේතුවෙන් හා විකෘති පෞෂයන් පැවතීම හේතු කොටගෙන සියදිවි නසා ගැනීම සඳහා ඇතමුන් යොමුවන බව පෙනේ.

ඛේදජනක තත්ත්වය වනුයේ ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම සියදිවි නසාගනු ලබන්නේ වයස අවුරුදු 20-30 අතර තරුණ පිරිස වීමය. මෙලෙස තරුණ පිරිස් අතර දිවිනසා ගැනීම තීව‍්‍රර වීම සඳහා පේ‍්‍රමය, ආර්ථික හි`ගය, රැකියා ප‍්‍රශ්නය යන සාධක මූලික වශයෙන් බලපා ඇත. නමුත් බටහිර රටවල වැඩි වශයෙන් සියදිවි හානි කරගනු ලබන්නේ අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් බව සංඛ්‍යා ලේඛන විමර්ශනයේ දී හඳුනාගත හැක. ශ‍්‍රී ලංකාව වැනි රටවල තරුණ පිරිස් වැඩි වශයෙන් දිවිනසා ගැනීමට පෙළඹෙනුයේ ලිංගිකත්වය ආශ‍්‍රිතව මෙරට සංස්කෘතියේ ඇති දැඩි විවේචන, නීතිරීති හා දෙමාපිය ගුරුවරුන්ගේ ගතානුගතික ආකල්ප හේතු කොටගෙනය. නමුත් බටහිර රාජ්‍යයන්ගේ ලිංගිකත්වය වැනි කරුණු උදෙසා එතරම් දැඩි සංස්කෘතික රාමුවක්, නීතිරීති හා ගතානුගතික ආකල්පයන් නොමැති වීම හේතුවෙන් ලිංගිකත්වයේ බලපෑම මත සියදිවි නසා ගැනීම් අවම වී ඇත. නමුත් එම විදේශීය රටවල වැඩිහිටි පිරිස දිවිනසා ගැනීමට පෙළඹෙනුයේ දරුවන් දෙමාපියන්ගෙන් ඈත් වීම, තමාගේ මහළු විය තනිව හුචෙකලාව ගත කිරීමට සිදුවීම වැනි කරුණු මුල් කොට ගෙනය. නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටවල එවැනි තත්ත්වයන් තරමක් විරල වේ.

එසේම දිවිනසා ගැනීම සඳහා ප‍්‍රධාන වශයෙන් මානසික අවපීඩනය, මානසික රෝග හා මානසික සෞඛ්‍ය පිරිහීම යනාදිය බලපානු ලබන බව මනෝවිද්‍යාඥයන් විසින් මේ වන විට සොයාගෙන ඇත. එහිදී මානසික රෝග හේතුවෙන් ද බොහෝ පිරිසක් සිය ජීවිතය විනාශ කරගැනීමට පෙළඹෙන බව පෙනීයයි. ඒ අනුව සාම්ප‍්‍රදායික මානසික රෝග වර්ගීකරණයට අනුව නියුරෝනික රෝග සහ සයිකෝසික රෝග වශයෙන් වර්ග කරනු ලබයි. නියුරෝනික රෝග ගණයට අයත් වනුයේ කාංශාව (Anxiety), හිස්ටීරියාව (Hysteria), භීතිකාව (Phobia) සහ විෂාදය (Depression) යන තත්ත්වයන් ය. ඉච්ඡාභංගත්වයේ දී ඇති වන මානසික ගැටලූ බොහෝදුරට කංශාව සඳහා හේතු වන අතර ඉන්ද්‍රීය හේතු නොමැතිව කායික ගැටලූ ඉස්මතු වීම හිස්ටීරියා රෝගීන් තුළ දැකිය හැකිය. ඒ අනුව ශරීරයේ අංශයක් අකර්මණ්‍ය වීම, අන්ධ බව, ගොලූ බව හිස්ටීරියා රෝගීන්ට වැළ`දීමට හේතුවක් ලෙස ඔවුන් කුඩා කළ මුහුණ දුන් බියජනක අද්දැකීම් සහ ඒවායින් ලබන මානසික කම්පනය හේතු වේ. එබැවින් මෙම රෝගය වැළඳුන ඇතැම් පුද්ගලයන් අතර ද දිවිනසා ගැනීම දැකිය හැකිය.

නමුත් මානසික රෝග අතර දිවිනසා ගැනීම කෙරෙහි ප‍්‍රබල වශයෙන්ම බලපානු ලබන රෝගය වනුයේ විෂාද තත්ත්වයයි. මෙය නියුරෝනික රෝග අතුරින් භයානකම රෝගය වශයෙන් හඳුනාගත හැකි අතර මෙම රෝගී තත්ත්වය තදබල මානසික කලකිරීමක් හේතුවෙන් ඇති වේ. එහිදී පේ‍්‍රම සබඳතා බිඳ වැටීම, සමීපතමයකුගේ හදිසි වියෝවක් සිදුවීම, රැකියා අහිමි වීම, රැකියා ස්ථාන මාරු කිරීම වැනි සාධක හේතුවෙන් මෙම විෂාද තත්ත්වය ඇති වේ. එබැවින් බොහෝදුරට දිවිනසා ගැනීම් සඳහා විෂාද තත්ත්වය හේතු වන බව පැහැදිලි වේ.

 එසේම සයිකෝසික රෝගී තත්ත්වයන් හේතුවෙන් ද යම්තාක් දුරකට සියදිවි හානි කරගැනීම සිදුවන බව මනෝවිද්‍යා පර්යේෂණ මගින් හෙළි වී ඇත. එහිදී මධ්‍ය ස්නායු පද්ධතියට හානි වීම, විෂබීජ මොළයට ඇතුළු වීම, රක්තානු විනාශ වීම ආදී ශාරීරික කරුණු ඇසුරෙන් ඉන්ද්‍රීය සයිකෝසික රෝග ඇති වේ. උදාහරණ වශයෙන් සීනයිල් රෝගය පෙන්වාදිය හැකිය. මෙම රෝගය හේතුවෙන් තමාගේ මතක ශක්තිය බෙහෙවින්ම දුර්වල වී යෑම සිදු වේ. එබැවින් ඇමෙරිකාව වැනි රටවල වයස්ගත පුද්ගලයන් සියදිවි හානි කරගැනීම කෙරෙහි මෙම තත්ත්වය බලපානු ලබයි. එපමණක් නොව කාර්යබද්ධ සයිකෝසියාවේ සික්ෂෝපේ‍්‍රණියා වැනි රෝගී තත්ත්වයක දී තමාට හූනියම් කර ඇතැයි, තමාට එරෙහිව කුමන්ත‍්‍රණය කර ඇතැයි සිතා අන්‍ය පිරිස් ළාතනයට මෙන්ම තමා දිවිනසා ගැනීමට ද පෙළඹෙන බව සොයාගෙන ඇත. එමෙන්ම හෙබපේ‍්‍රණින් සික්ෂොපේ‍්‍රණියා රෝගය ඇති පුද්ගලයන් තුළ ‘තමා ජීවත් වීමෙන් ඵලක් නොමැත’ යන අදහස සිතට පැමිණීම හේතුවෙන් ද පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙළඹේ. මෙලෙස මානසික රෝග හේතුවෙන් ද වාර්ෂිකව විශාල පිරිසක් ලොව පුරා සියදිවි නසා ගැනීම සඳහා පෙළඹේ.

දිවිනසා ගැනීම සඳහා ප‍්‍රධාන වශයෙන් බලපානු ලබන අනෙකුත් සාධකය වනුයේ මිනිසාගේ සමාජ පරිසරයේ බලපෑම තළින් ඇති වන තත්ත්වයන් ය. මේ පිළිබඳව සිග්මන්ඞ් ප්‍රොයිඞ්, සදර්ලන්ඞ්, එමිල් ඩූර්ක්හයිම් වැනි විද්වතුන් ගැඹුරින් අදහස් ඉදිරිපත් කොට ඇත. මොවුන්ගේ මතවාදයන්ට අනුව දිවිනසා ගැනීමට ප‍්‍රබල හේතුවක් ලෙස සමාජානුයෝජනය නම් සමාජ විද්‍යාත්මක සිද්ධාන්තයේ බලපෑම හඳුනාගත හැක. සමාජානුයෝජනය යනු පුද්ගලයා සමාජයට අනුවර්තනය වීමේ ක‍්‍රියාවලියයි. පුද්ගලයා සමාජයේ හෝ සමූහයේ නීතිරීති ඉගෙනීමත්, පිළිගත් සම්මත නීතිවලට අනුගත වීමත්, සංස්කෘතික ශිල්පීය ක‍්‍රම පිළිබඳ පුහුණුව ලැබීමත්, සමාජයේ තමන්ට පැවරී ඇති කාර්ය කුමක් දැයි හඳුනාගැනීමත් සමාජානුයෝජනයට අනුව සිදු වේ. නමුත් මෙම කරුණු නිසිලෙස පවත්වා ගත නොහැකි වනවිට හෝ හානිකර සමාජ වටපිටාවක් පැවතුන විට පුද්ගලයා තුළ අසාමාන්‍ය පෞරුෂයක් ගොඩනැෙ`ගන අතර එය සියදිවි හානි කරගැනීම කෙරෙහි බලපානු ලබන බව සමාජ විද්‍යාඥයන්ගේ මතය වේ.

කුඩා කළ දරුවකුට පවුල් සංස්ථාව තුළ ඇති වන ප‍්‍රශ්න හේතුවෙන් පසු කලෙක දී එම දරුවාගේ පෞරුෂය බිඳ වැටීමකට ලක්විය හැකිය. පසුව අසාමාන්‍ය ගති පැවතුම් වර්ධනය වී විකෘති මනසක් ඇතිවීම කෙරෙහි කුඩා කාලයේ සිදු වූ අමිහිරි සිද්ධීන් සෘජුවම බලපානු ලබන බව තහවුරු කරගෙන ඇත. එපමණක් නොව සමාජයේ විවිධ නීතිරීති කඩනු ලැබූවන්, සමාජ සම්මතයට, සංස්කෘතික සාරධර්මයන්ට හා චාරිත‍්‍ර වාරිත‍්‍රවලට පටහැනික ක‍්‍රියා කළ පුද්ගලයන් සමාජයේ උදහසට හා දෝෂාරෝපණයට ලක් වේ. උදාහරණ වශයෙන් නව යෞවනයේ ඇති වන පේ‍්‍රමය සඳහා නිවෙස් තුළින් හා සමාජය තුළින් ඇතිවන තාඩන පීඩන පෙන්වාදිය හැකිය. එවිට ඔවුන් සඳහා ඇති වන අමතර පීඩාකාරී තත්ත්වයන් ඇතැම්විට සියදිවි නසාගැනීම් දක්වා දුරදිග යා හැකිය. එබැවින් පේ‍්‍රමය, ලිංගිකත්වය වැනි කරුණු තුළ දී සමාජීය වශයෙන් එවැනි තත්ත්වයන් ව්‍යාජ ලෙස ඉස්මතු කරමින් දරුවන්ට පමණක් නොව තරුණ වියේ පිරිස්වලට වුව ද අනවශ්‍ය පීඩනයක් ඇති නොකළ යුතුය. එබැවින් පේ‍්‍රම සබඳතා හෝ කිසිවකුගේ අනියම් සබඳතාවයක් වුව ද ජනගත කිරීම, ප‍්‍රසිද්ධ මාධ්‍යයේ ප‍්‍රදර්ශනය කිරීම වැනි කාර්යන්ගෙන් වැළකී සිටීම සුදුසු ක‍්‍රියාවක් බව මෙහිදී කිව යුතුය.

 එසේම බිඳුණු පවුල්වලින් සමාජයට පිවිසෙන දරුවන් අපරාධකාරී හැසිරීම්වලින් යුක්ත වියහැකි අතර එය සියදිවි නසා ගැනීම කෙරෙහි ද ඍජුව හෝ වක‍්‍රව බලපා ඇත. මෙවැනි පවුල්වල දරුවන්ට ආදරය, රැකවරණය, සෙනෙහස ආදිය නොලැබීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපානු ලබයි. ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ගේ (තුන්වන ලෝකයේ රාජ්‍යයන්) පවුල් සංස්ථා දෙදරා යෑම සඳහා ප‍්‍රධන වශයෙන් ආර්ථික අපහසුතා සහ ආර්ථික පීඩනය බලපානු ලැබේ. මතක තබාගත යුතු කරුණ නම් ශ‍්‍රී ලංකාව ලෝකයේ අටවල් අතුරෙන් දිළිදුකම හේතුවෙන් දිවිනසා ගැනීම් සිදුවන රාජ්‍යයන් අතරින් ඉහළම ස්ථානයක පැවතීමය. මෙලෙස ආර්ථික හි`ගය මිනිසාගේ ඉච්ඡුාභංගත්වයට ඍජුවම බලපානු ලබන සාධකයක් වන බැවින් එය සියදිවි හානිකර ගැනීමේ ප‍්‍රතිශතය ඉහළ යෑමට ද බලපා ඇත.

එසේම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් ද වක‍්‍රාකාරව දිවිනසා ගැනීම සඳහා පුද්ගලයන් යොමු වේ. එලෙස සිදුවන දිවිනසා ගැනීම චිරන්තන සියදිවි හානි කරගැනීම ලෙස හැ`දින්වේ. (Chronic suicide) එහිදී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු හට ඒවා නොමැති වීමෙන් ඇති වන මානසික විකෘතිතාවන්ගේ බලපෑමෙන් දිවිනසාගත් පුවත් වාර්තා වී ඇත. මෙලෙස සමාජය තුළින් පුද්ගලයාට ආරෝපණය වන වැරදි ඇබ්බැහිවීම් මගින් ද ඇතැම් පිරිස් මෙම ඛේදජනක ඉරණමට ලක් වේ. එසේම ස්වාමියාගේ විරුද්ධතාවය මත මව්වරුන් විදේශගත වීම ඇතැම් පිරිමින් දිවිනසා ගැනීම් සඳහා හේතු වී ඇති බව පෙනීයයි. එහිදී දරුවන්ගේ කටයුතු සොයා බැලීමට අපහසු වීම, පිරිමියා රැකියාවේ නිරත අවස්ථාවල දරුවන් විවිධ අසම්මත ක‍්‍රියාවන්ගේ යෙදීම, අනියම් සබඳතා ඇති වීම හා ඇතැම් පියවරුන් හා සමීප ඥාතීන් තුළින්ම දියණියන් අපචාරයට ලක් වීම වැනි හේතු සාධක මව්වරුන් විදේශගත වීම හේතුවෙන් ඇති වේ. මේ හේතුවෙන් දරුවන් මෙන්ම පියා ද සියදිවි නසා ගැනීමට යොමු වන අතර බොහෝ විට පියවරු තම දරුවන් ඝාතනය කොට තමාද දිවි තොර කරගැනීම සිදු කරනු ලබයි. විශේෂයෙන් සැලකිය යුතු කරුණ නම් බිඳුණු පවුල් ඇති සෑම තැනම සියදිවි නසාගැනීම් සිදු නොවුන ද අනෙකුත් පවුල්වලට වඩා ප‍්‍රවණතාවය මදක් ඉහළ බව කරුණු විමර්ෂණයේ දී හඳුනාගත හැකිය.

එමෙන්ම ලෝකයේ සෑම රටකම එකම හේතු සාධක මත සියදිවි නසාගැනීම සිදු නොවන අතර සංස්කෘතික වශයෙන් පවතින විවිධත්වය මත ද මෙය සිදු වේ. ඒ අනුව ඉන්දියාවේ බොහෝ කාන්තාවන් දෑවැදි ප‍්‍රශ්නය මත සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන බව වාර්තා වී ඇත. එසේම ජපානයේ පුරාතන කාලයේ පැවති හරාකිරි වැනි ආචාරධර්ම තුළදී ද සියදිවි හානි කරගැනීම සිදු වී ඇත. එහිදී යුද්ධ ඇති අවස්ථවල දී සතුරාට හසු වී මියයෑමට වඩා සියදිවි නසාගෙන මියයෑම උතුම් බවට විශ්වාසයක් පැවත ඇත. එසේම අතීතයේ එස්කිමෝවරු අතර ද මහලූ හා රෝගී පිරිස් විසින් සියදිවි නසා ගැනීමේ ක‍්‍රමවේදයක් පැවති බවට සාධක ලැබේ. මෙලෙස ඇතැම් රටවල සංස්කෘතිය හා බැඳුණු ක‍්‍රියාවලියක් ලෙස ද මෙම පැවතී ඇත. එපමණක් නොව වර්තමානයේ විවිධ අන්තවාදී ආගමික මත දරන්නන් විසින් ද කිසිදු විචාරයකින් තොරව කරුණු අවබෝධකර ගැනීම හේතුවෙන් මෙවැනි ක‍්‍රියාවලට වැඩි වශයෙන් යොමුවීම දැකිය හැකිය. මෙලෙස සියදිවි නසාගැනීම හා සම්බන්ධ ක‍්‍රියාවලිය මිනිසාගේ මනස ආශ‍්‍රිතව ඇති තත්ත්වයන්ගේ ප‍්‍රතිඵලයන් හේතුවෙන් මෙන්ම සමාජ, ආර්ථික රටාව තුළින් ඇතිවන අහිතකර බලපෑම හේතුවෙන් ද ඇතිවන්නක් බව පෙනේ. නමුත් වර්තමානයේ මෙම ප‍්‍රවණතාවය වැඩිවීම කෙරෙහි මිනිසා විසින්ම ගෙනයනු ලබන ප‍්‍රචාරණය ප‍්‍රබල බලපෑමක් ඇති කොට ඇත. විද්‍යුත් මාධ්‍යය ඔස්සේ මෙවැනි සිදුවීම් ප‍්‍රසිද්ධියේ ප‍්‍රචාරණය, ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට මගින් සියදිවි නසාගැනීම වීර කටයුත්තක් ලෙසට නිරූපණය කිරීම වැනි හේතු සාධක මත වර්තමාන ලෝකයේ මෙම ඛේදජනක තත්ත්වය වර්ධනය වීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙනීයයි. එබැවින් මෙවැනි සිදුවීම් ජනගත කිරීම හා ප‍්‍රචාරණය නොකර සිටීම අතිශය වැදගත් කරුණක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

එදිරිසිංහ, දයා, සහ ඥානදාස පෙරේරා, මනෝවිද්‍යා විමර්ශන, දෙහිවල, වත්මා ප‍්‍රකාශකයෝ, 2005.

පෙරේරා, ඥානදාස, සියදිවි නසාගැනීම, දෙහිවල, වත්මා ප‍්‍රකාශකයෝ, 1998.

බණ්ඩාරනායක, අභය, සියදිවි නසාගැනීම දාර්ශනික හා මනෝවිද්‍යාත්මක විමසුමක්, කොට්ටාව, සාර ප‍්‍රකාශන, 1999.


 ප‍්‍රභාත් වික‍්‍රමරත්න
 ඉතිහාසය අධ්‍යයන අංශය, ශාස්ත‍්‍ර පීඨය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment