සියලු ත‍්‍රිරෝද රථවලට ජනවාරියේ සිට මීටරය අනිවාර්යයි

118

2022 වර්ෂයේ ශී‍්‍ර ලංකාවේ සියලූ කුලී ති‍්‍රරෝද රථවලට මීටරය අනිවාර්ය කරන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා මහනුවරදී පැවැසීය.

ති‍්‍රරෝද රථ සඳහා ප‍්‍රවාහන අධිකාරියක් පිහිටුවා සියලූ කුලී ති‍්‍රරෝද රථ එහි පාලනයට යටත්කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

2022 වර්ෂයේ ජනවාරි මාසයේදී අධිකාරිය පිහිටුවීමෙන් පසු මාස තුනක් ඇතුළතදී සියලූ කුලී ති‍්‍රරෝද රථ මීටර් රථ බවට පත්කරන බවද හෙතෙම පැවසීය.

නීති කඩකරන ති‍්‍රරෝද රථ රියැදුරන් සහ ති‍්‍රරෝද රථ අත්අඩංගුවට ගෙන නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව පැවසූ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා රාති‍්‍ර කාලයේ ගමන් ගාස්තු අය කිරීම සහ වෙනත් චෝදනා ති‍්‍රරෝද රථ රියැදුරන්ට විරුද්ධව පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මහනුවර දී මාධ්‍යට පැවැසීය.

ප‍්‍රභාත් විතාන, සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment