සියලූ සුදුසුකම් සපුරා ඇති පන්දහසකට ආසන්න තරුණ පිරිසට කොරියාවට පිටත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීමෙන් ඒ තරුණ ප්‍රජාවට සිදුව ඇති අසාධාරණය ඉතා බරපතළ බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය මෙසේය.
2018 කොරියානු ප්‍රවීණතා විභාගය ලියා ඉන් සමත් වී කොරියානු රැුකියා සඳහා යෑමට සිටින පන්දහසකට ආසන්න තරුණ පිරිසක් මේ වනවිටත් රජයේ දැඩි නොසැලකිල්ල සහ වගකීම් විරහිතකම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටී.
1600 ක් පමණ සේවා ගිවිසුම් මතද, 2500 ක් පමණ පොරොත්තු ලේඛනයේද සිටින අතර මේ වනවිට ඔවුන්ගේ දෙවසරක රැුකියා ව්‍යාප්ති කාලය ද අවසන් වෙමින් තිබේ. කොරෝනා ව්‍යසනයට මුවා වෙමින් පදනම් විරහිතව ආණ්ඩුව මෙම තරුණ පිරිසගේ ජීවිත සමග සෙල්ලම් කරන අතර මේ වනවිටත් තායිලන්ත, චීන, ලා ඕස්, වියට්නාම් වැනි රටවල් සිය ශ්‍රමිකයන් කොරියාවට යවා ඇත.
මේ හේතුවෙන් අපේ රටට මතුව ඇති බරපතළ අර්බුදය පිළිබඳව ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ උනන්දුවක් නැත.
මෙයින් සිදුවන දැඩි ගැටලූවක් වන්නේ අපේ රටට හිමි කොරියානු රැුකියා කෝටාව අපෙන් ගිලිහී වෙනත් රටවලට හිමි වීමය. එය මෙරටට ලැබෙන විශාලතම විදෙස් විනිමයක් හිතාමතාම අහිමි කර ගැනීමකි.
මේ වනවිටත් සියලූ සුදුසුකම් සපුරා ඇති පන්දහසකට ආසන්න තරුණ පිරිසට කොරියාවට පිටත් වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීමෙන් ඒ තරුණ ප්‍රජාවට සිදුව ඇති අසාධාරණය ඉතා බරපතළය. 2018 සිට ලක්ෂ ගාණක වියදමක් දරා මෙම තරුණ පිරිස කොරියානු රැුකියා සිහිනය දැක දැක වසර තුනක් තිස්සේ අප්‍රමාණ පීඩා විඳිමින් සිටී.
ආණ්ඩුවට ඉතා පහසුවෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකොට නිරෝධායන රෙගුලාසි ප්‍රකාරව කටයුතු කොට එම තරුණ පිරිස රැුකියාගත කිරීමට කොරියාව බලා පිටත් කළ හැකිය. එහෙත් රට ගැන හෝ තරුණ පරපුරේ ජීවිත ගැන අංශු මාත්‍රයක හැඟීමක් නැති ආණ්ඩුව මේ සරල කටයුත්ත හෝ ඉටු කරන්නේ නැත. අප ආණ්ඩුවට නැවත බල කරමින් අවධාරණය කරන්නේ කඩිනමින් එම තරුණ පිරිසට සාධාරණය ඉටුකරන ලෙසයි.
|