සිරියාවට පනින්න ගිහින් ස්වර්ගයට ගිය සම්සුදීන් ප‍්‍රහාර එල්ල කරන්න පිටරටට ගියේ සම්සුදීන් විතරද?…. නූලෙන් වැළකුණු නවසීලන්තයේ සැප්තැම්බර් ප‍්‍රහාරය

312

කුමන හෝ වාසනාවකට ‘‘අහමඞ් ආදීල් සම්සුදීන්’’ තුවක්කුවක් ඇතැතිව හෝ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැළඳ සිටියේ නැත. බෝම්බ පිරවූ ට‍්‍රක් රථයක හෝ කාර් රථයක පැමිණ සිටියේ ද නැත. එසේ වී නම් අද වනවිට නවසීලන්තයේ, ඔක්ලන්ඞ්හි සිදුවීම ගැන අපට කතා කරන්නට සිදුවන්නේ වෙනස්ම ආකාරයකටය. බොහෝ විට නවසීලන්ත අගමැතිනිය ජසින්තා ආඞ්න්ගේ ප‍්‍රකාශය වූ ‘‘ප‍්‍රහාරය එල්ල කළේ එක් පුද්ගලයකු පමණි. එහි වගකීම ඔහුට හැර ජනවර්ගයකට, සංස්කෘතියකට, විශ්වාසයකට හෝ ආගමකට බැර කළ නොහැකියි. ඒ බැඳීම් කිසිදා නොවේ’’ යන්න ද මීට වඩා බොහෝ වෙනස් මඟක් ගත් එකක් වනු නිසැකය. 2021.09.03 සිකුරාදා නවසීලන්තයේ ඔක්ලන්ඞ් ප‍්‍රහාරය සිදුකළ ‘අහම්ඞ් ආදීල් සම්සුදීන්’ ශී‍්‍ර ලාංකිකයෙකි. නවසීලන්ත ප‍්‍රහාරයේ ‘‘සැර’’ යම් තරමකට හෝ අපට දැනුනේ ඒ නිසාය.
ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරයට හරියටම සතියක් තිබියදී ‘‘සම්සුදීන්’’ මෙම ප‍්‍රහාරය එල්ල කළේය. කෲරතර අන්තවාදී අදහස්වලින් මොළය පුරවා ගත් සම්සුදීන්ට එතරම් කාලයක් ඉවසා සිටින්නට නොහැකි වන්නට ඇත. ලේ සුවඳට ඉව අල්ලන සම්සුදීන්ට ඕක්ලන්ඞ් සෙනඟ කන්දරාව ගෙනෙන්නට ඇත්තේ දෙවියන් උදෙසා පුද කරන තුටු ප`ඩුරක් ලෙසය. ශී‍්‍ර ලංකාවේ කාත්තන්කුඩියේ වෙසෙන ඔහුගේ මව කියන ආකාරයට සම්සුදීන්ගේ මිතුරන් පිරිසක් ඔහුගේ ‘මොළය සෝදා’ (Brain Wash) තිබේ. ඒ අනුව ‘‘මෙය එක් පුද්ගලයෙකුගේ ප‍්‍රහාරයක් පමණි’’ යන නවසීලන්ත අගමැතිනියගේ කතාව තවදුරටත් විමසා බැලිය යුතු මට්ටමේ තිබේ. මොළ සේ¥ කණ්ඩායමේ ඉලක්කය වන්නට ඇත්තේද මෙවැනි සිල්ලර ප‍්‍රහාරයක් නොවන්නට පුළුවන.

කවුද මේ නවසීලන්තය එස් (S) යැයි කිවූ ලංකාවේ සම්සුදීන්

අහමඞ් ආදීල් මොහොමඞ් සම්සුදීන් වන මෙම පුද්ගලයා නවසීලන්තයට ගොස් ඇත්තේ 2011 වර්ෂයේදීය. එවකට සම්සුදීන් 22 හැවිරිදි තරුණයෙකි. ඔහු නවසීලන්තය බලා ගොස් ඇත්තේ ශිෂ්‍ය වීසා මතය. අපූරුම කාරණය වන්නේ නවසීලන්ත රජය ඔහු හඳුනාගෙන ඇත්තේ ද්‍රවිඩ සරණාගතයකු ලෙස වීමය. යුද්ධයෙන් පීඩාවට පත්, අනේක විධ දුක්විඳ ඇති සම්සුදීන්ටත් ඔහුගේ පියාටත් දේශපාලන හේතූන් මත ද වධ හිංසා විඳින්නට සිදුව ඇති බව කියමින් සම්සුදීන් සරණාගතයකු වීමට ඉල්ලූම් කර ඇත. සරණාගත භාවය ඉල්ලූම් කිරීමට ශරීරයේ කැලැල් සමග මනෝ වෛද්‍යවරයකුගේ සහතිකයක් ද ඉදිරිපත් කිරීමට සම්සුදීන් කටයුතු කර තිබේ. අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘‘පශ්චාත් කම්පන සහගත මානසික ආතතිය හා මානසික අවපීඩනයෙන්’’ [Post Traumatic Stress disorder and depression]පෙළෙන දැඩි අසහනකාරී තත්ත්වයට පත්වූවකු හැටියට සම්සුදීන්ව හඳුන්වා දී ඇත.

එහෙත් 2011 වර්ෂයේ සිට නවසීලන්තයේ ජීවත් වූ මුල් වසර පහක කාලය තුළ සම්සුදීන්ට එරෙහිව එරට පොලිසියක හෝ උසාවියක පැමිණිල්ලක් තිබී නැත. එමෙන්ම එම කාලසීමාව තුළ කිසියම් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියකට හෝ අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී සිටියා ද යන්න ගැන ද තොරතුරක් නැත. එහෙත් 2016 වර්ෂයේ සිට ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නවසීලන්ත පොලිසියට සිදුව තිබිණි. ඊට හේතුව වී තිබුණේත්, ඒ වනවිට බටහිර රටවලත්, යුරෝපයෙත් සිදුවන ත‍්‍රස්ත ප‍්‍රහාර හා යුද්ධය පිළිබඳ සමාජජාල මාධ්‍ය ඔස්සේ අන්තවාදී ප‍්‍රකාශ නිකුත් කිරීමත්, වීඩියෝ පළ කිරීම අන්තවාදී අදහස් බෙදා හැරීම සම්බන්ධයෙන් සම්සුදීන් ප‍්‍රමුඛ චරිතයක් බවට පත්ව සිටීමයි. ඒ හේතුව නිසාම 2016 වර්ෂයේ අපේ‍්‍රල් හා මැයි යන මාසයන්හි නවසීලන්ත පොලිසිය විවිධ අවස්ථාවල සම්සුදීන්ගෙන් ප‍්‍රශ්න කරන්නට කටයුතු යෙදීය. එපමණක් නොව එවක් පටන් සම්සුදීන්ගේ සියලූ කි‍්‍රයාකාරකම් කෙරෙහි දැඩි අවධානයකින් සිටීමට නවසීලන්ත බුද්ධි අංශ සැලසුම් කළේය. එම බුද්ධි විමර්ශනවල ප‍්‍රතිඵලයක් ලෙස 2017 වර්ෂයේ මැයි මාසයේදී ඕක්ලන්ඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සම්සුදීන් අත්අඩංගුවට ගත්තේය. සම්සුදීන්, එලෙස රටින් පිටවීමට උත්සාහ කළේ අයි. එස්. අයි. එස්. සංවිධානය හා එක්වීමට සිරියාව බලා යෑමට බවට තොරතුරු ලැබුණු බව එම අත්අඩංගුවට ගැනීම ගැන හේතු දක්වමින් විමර්ශන කණ්ඩායම් ප‍්‍රකාශ නිකුත් කර තිබිණි.

පරීක්ෂණ ඇරඹේ

ඒ අත්අඩංගුවට ගැනීමත් සමගම ඕක්ලන්ඞ් පොලිසිය වහාම සම්සුදීන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමට කටයුතු කළේය. එහිදී, එරට රජය විසින් තහනම් කරන ලද අන්තවාදී ප‍්‍රකාශ සහිත පොත්, ලිපි ලේඛන සහ දඩයම් පිහියක් පොලිසියට හසුවිණි. ඕක්ලන්ඞ් පොලිසිය ඔහුට විරුද්ධව කරුණු කිහිපයක් යටතේ නඩු පැවරීමට කටයුතු කර තිබිණි. ඒ අනුව තහනම් ප‍්‍රකාශන බෙදා හැරීම, වංචා කිරීම, සෝදිසි කිරීම සඳහා පොලිසියට සහාය නොදීම හා දඩයම් පිහියක් ළඟ තබා ගැනීම යන කරුණු මුල් කොට සම්සුදීන් උසාවියට ඉදිරිපත් කෙරිණි. ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර තිබුණේ ත‍්‍රස්ත කි‍්‍රයා මර්දනය කිරීමේ පනත යටතේය. එහෙත් සම්සුදීන් එරට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබිණ.

ඇප මත මුදා හැරි වහාම සම්සුදීන් කර ඇත්තේ තවත් එවැනිම වර්ගයේ පිහියක් මිලදී ගැනීමය. කෙසේ වෙතත් ඔහුගේ සියලූ කි‍්‍රයාකාරකම් පොලිසිය නිරීක්ෂණය කරමින් හිඳ ඇති නිසා නැවතත් සම්සුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවිණි. එහිදී අධිකරණයට පමුණුවනු ලැබූ සම්සුදීන් කියා ඇත්තේ

‘‘මට එක පිහියක් නොවේ පිහි දහයක් වුණත් මිලට ගන්න පුළුවන්. ඒක මගේ අයිතියක්. ඒත් ඔබ එක් පිහියක් ගැනයි’’ යනුවෙනි. සම්සුදීන් අත්අඩංගුවට පත්වූ බොහෝ අවස්ථාවල ඔහු විසින් සමාජජාල මාධ්‍යවලට යොමු කර තිබූ විවිධ අදහස් පවා අධිකරණයේ කතාබහට ලක්විය. ‘‘අප පැමිණියේ භීතිය වැපිරීමටය’’. ‘‘අපි, අප විශ්වාස නොකරන්නන්ගේ රුධිරය බොන්නෙමු.’’, වැනි වදන් මෙන්ම කළු පැහැති ඇඳුම් ඇඳගත් අන්තවාදී ත‍්‍රස්තවාදීන් ස්වයංකී‍්‍රය ගිනි අවි රැුගෙන අයි. එස්. අයි. එස්. ධජය යටතේ සිටින අන්දමත් නගරයක් ගිනි ගනිමින් තිබෙන ඡුායාරූපයක්ද ඒ අතර විය. සම්සුදීන් අධිකරණය අමතා ඇත්තේ ද ඉතා සැහැසි හා අවේගශීලී ආකාරයකටය. ‘‘තමුන් මාව හිරේ දමන්නේ මගේ ආගම නිසා නේද? මගේ ආගමට උඹලා අකමැතියි….. ඒ නිසා උඹලා අපේ සතුරන්. අල්ලා දෙවියෝ උඹලාට දඬුවම් කරයි’’…… වැනි දේ සම්සුදීන් අධිකරණය හමුවේ ආවේගශීලීව පවසා තිබේ.

අවසානයේ මේ වර්ෂයේම (2021) ජූලි මාසයේදී අධිකරණය නියෝග කර ඇත්තේ සම්සුදීන් බටහිර ඕක්ලන්ඞ්හි මුස්ලිම් දේවස්ථානයක සේවයට යොදවමින් වසරක කාලයක් දැඩි නිරීක්ෂණයක පසුවන ලෙසය. ඒ ඔහු මහජන සේවයට තර්ජනයක් විය හැකි අයකු ලෙස සලකමිනි.

මොළය සෝද ඇති තරම

එහෙත් ලේ සුවඳටම ඉව අල්ලන අන්තවාදී අදහස්වලින් මොළය ඇති පදමට සෝදාගෙන සිටි සම්සුදීන්ට මුස්ලිම් දේවස්ථානයකදී හෝ පරණ පුරුදු අත්හැරීමට පුළුවන්කමක් තිබුණේ නැත. සම්සුදීන් යනු මනසින් සාදාගත් මුස්ලිම්වරුන්ට එරෙහි ‘‘සතුරෙකුගේ ලේ උරා බීමටම’’ සූදානමින් සිටි යක්ෂයෙකි. ඒ නිසාම දිගින් දිගටම අන්තර්ජාල පිරික්සුම් වලදී සිය ඉලක්කය සපුරා ගැනීමේ සෙවුම්වලට ඔහු ප‍්‍රමුඛතාව දී තිබිණි. පුපුරණ ද්‍රව්‍ය සාදා ගැනීම, මුජාහිදීන් ගරිල්ලන්ට ආරක්ෂිත මාර්ගෝපදේශ, නොඅදහන්නන්ට ප‍්‍රහාර එල්ල කරන්නේ කෙසේද ඔහු එදා වැඩි වශයෙන් අන්තර්ජාලයෙන් සොයා බලා තිබේ. එපමණක් නොව නවසීලන්ත සිර ඇඳුම් එහිදී ලබාදෙන ආහාරපාන පිළිබඳව ද අන්තර්ජාලයේ සොයා බලා තිබේ. අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාර සිදුකරන ආකාරය ආරක්ෂිත උපක‍්‍රම හා බුද්ධි අංශ මඟ හරිමින් ඝාතන සිදුකළ හැකි ආකාරය ද සම්සුදීන් සොයා බලා තිබේ.

කෙසේ වුවත් අවසානයේ ප‍්‍රහාරයකට සූදානම් වන මොහොත වන විටත් තිස් දෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායම් දෙකක් සම්සුදීන් පිළිබඳ නිරීක්ෂණ කටයුතුවල යෙදී තිබේ. ලීන්මෝල්හි සුපිරි වෙළෙඳපොළට ප‍්‍රහාරය සඳහා සම්සුදීන් දුම්රියේ පැමිණෙන විටත් ඔහු පසුපස සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් පැමිණ තිබේ. මේ සූක්ෂ්ම අධීක්ෂණය නිසාම තත්පර 60-90 ත් අතර කාලයකදී සම්සුදීන්ව මෙල්ල කිරීමට පොලිසියට හැකියාව ලැබී තිබේ. නවසීලන්ත අගමැතිනිය පවසා තිබූ ආකාරයට එරට නීතිය යටතේ සම්සුදීන් රඳවා තබා ගැනීම සඳහා වූ සියලූ නෛතික මාර්ගයන් අවසන්ව තිබේ. ඒ නිසාම ඔහු නිදහස් කළ ද පැය 24ක කාලය පුරාම නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට පොලිස් නිලධාරීන් යොදවා තිබේ. ප‍්‍රහාරයකින් පසුව ද, එම පුද්ගලයාගේ අනන්‍යතාව සඟවා තැබීමට නවසීලන්ත රජය කටයුතු කර තිබිණි. ඔහු හඳුන්වා තිබුණේ ‘‘ී’’ ලෙසය. එරට නීතිය අනුව සරණාගතයකුගේ නම හෙළි කිරීම කිසි විට සිදු කරන්නේ නැත.

සම්සුදීන්ගේ මව කියන කතාව

සිය පුත‍්‍රයා නවසීලන්තයේදී අන්තවාදීන්ගේ ග‍්‍රහණයට හසුව ඇත්තේ එරට සරසවියේදී සිදු වූ අනතුරකින් පසුව බව සම්සුදීන්ගේ මව ප‍්‍රකාශ කර තිබිණි. එම අනතුරෙන් සිය පුත‍්‍රයා බේරාගත් පුද්ගලයන් අන්තවාදී අදහස්වලින් සම්සුදීන්ගේ මොළය සෝදා ඇති බව ඈ කියන්නීය. එම පුද්ගලයන් සිරියාව, ඉරාකය ආදී රටවල සිට පැමිණි අය බවත් සම්සුදීන්ගේ මිතුරන් බවත් ඇය පවසා තිබිණි.

සම්සුදීන්ට කළ ‘‘මොළ ශෝධන ව්‍යාපෘතියෙන්’’ පසු ඔහුගේ සොයුරු සොයුරියන් සමග නිතර අන්තවාදී අදහස් ප‍්‍රකාශ කරමින් සිටි බවත් ඊට එරෙහි වූ විට ඔවුන් සමග ගැටුම් ඇති කරගෙන අමනාපව සිටි බවත් සම්සුදීන්ගේ මව ප‍්‍රකාශ කර තිබුණාය. 1989 වර්ෂයේදී කාත්තන්කුඩියේදී උපත ලද සම්සුදීන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබ ඇත්තේ මඩකලපුව ශාන්ත මෙතෝදිස්ත විද්‍යාලයෙනි. පසුව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇත්තේ බණ්ඩාරගම අටළුගම අල් ගසාලි විද්‍යාලයෙනි. උසස් පෙළ හදාරා ඇත්තේ බම්බලපිටිය හින්දු විද්‍යාලයෙනි.

සිරියාවට යන්න ගියේ සම්සුදීන් විතරද?

2015 වර්ෂයේ ජූලි මාසයේ මැද භාගය වනවිට සිරියාවේ අයි. එස්. අයි. එස්. කඳවුරු ඉලක්ක කර ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් එල්ල කළ ප‍්‍රහාරයකින් ‘‘ෂර්පාස් නිලාම් මුෂින්’’ හෙවත් ‘‘අවුෂුරා සෙයිලානි’’ නම් ශී‍්‍ර ලාංකික පුද්ගලයකු ද මියගොස් ඇති බව වාර්තා විය. ගලේවෙල පදිංචිව සිට සිරියාවේ අන්තවාදීන් සමග එක්වන්නට රටින් පිටව ගොස් සිටි එම පුද්ගලයා 37 හැවිරිදි වියේ පසු විය. අයි. එස්. සංවිධානයෙන් ඔහුට ලබාදී තිබූ නම ‘‘අබුෂුරා සෙයිලානි’’ය. ඒ දිනවල වාර්තා වූ ආකාරයට ‘‘අබුෂුරා’’ සිරියාව බලා ගොස් ඇත්තේ 2013 වර්ෂයේදීය. එකල බොහෝ දෙනෙකු සිතුවේ අයි. එස්. අයි. එස්. සංවිධානයට බැඳෙන්නට යන මෙරට මුස්ලිම් ජාතිකයන්ගේ ගමන පටන් ගත්තේ ඔහු බවය. එහෙත් ඇත්තම කතාව නම් ඊට පෙර අබුෂුරාගේ වැඩිමහල් සොහොයුරා සිරියාව බලා ගොස් තිබිණි. ඒ වනවිට බොහෝ රටවල් අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදය පැතිර යන වේගයට සමපාතව ඔවුනගේ ත‍්‍රස්ත කි‍්‍රයා විමර්ශනය කිරීමේ ඒකක (ISIS Desk) ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. එහෙත් ඒ දිනවල මෙරට එවැනි ඒකකයක් පිහිටුවා තිබුණේ නැත. ‘‘අබුෂුරා’’ පමණක් නොව තවත් කී දෙනෙක් මෙරටින් පිටව ගොස් ඇත්දැයි සෙවීමට හෝ එකල යාන්ත‍්‍රණයක් තිබුණේ නැත. කෙසේ හෝ ඒ වනවිටත් පවුල් තුනක ශී‍්‍ර ලාංකිකයෝ 36කගෙන් සමන්විත පිරිසක් සිරියාවේ සිටින බව වාර්තා විය. පසුව එම සංඛ්‍යාව 40 දක්වා වර්ධනය විය. බුද්ධි අංශ මේ ගැන සවිස්තරාත්මකව තොරතුරු සොයන්නට පටන්ගත් විට වාර්තා වූයේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් 1500ක ප‍්‍රමාණයක් අයි. එස්. අයි. එස්. සංවිධානයට සහයෝගය පළ කරමින් කටයුතු කරන බවය. ඒ අනුව වර්තමානය වනවිට, මේ පිරිස් ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් වී ඇති බවට සැක නැත.

මේ කියන වකවානුව වනවිට ‘‘සම්සුදීන්’’ සිටියේ නවසීලන්තයේය. ඒ, බුරුතු පිටින් සිරියාවට පැනයන, අන්තර්ජාලය හරහා අන්තවාදය පතුරුවන ලොව පුරා අතිශය ම්ලේච්ඡු ලෙස ත‍්‍රස්තවාදය පතුරුවන යුගයකය. ඒ නිසාම සම්සුදීන් තම ‘‘මොළය සෝදාගෙන’’ ඇත්තේ මේ රටේදීම බවට නිගමනයකට ආ හැකිය. ඒ බව සම්සුදීන්ගේ මව ඇතුළු සොයුරු සොයුරියන් නොදන්නවා විය හැක. ජාත්‍යන්තර යනු ත‍්‍රස්තවාදීන් බුරුතු පිටින් සරණාගතයින් ලෙස සිය රටවලට ගෙන්වාගෙන දේශපාලන රැකවරණ දෙන මට්ටමේ එකකි. ජාත්‍යන්තරය අනුව සියලූම ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් විමුක්තිකාමී සුරතල්ලූය.

වහාබ්වාදය දේශනා කරමින් අන්තවාදය පතුරුවන ප‍්‍රකට පූජකයින්ට දේශකයින් යැයි කියන බොහෝ දෙනෙක් වාසය කරන්නේ බටහිර රටවලය. ඒ තමන්ට ඇති ‘‘රැකවරණය’’ ගැන දන්නා නිසාය. ඒ අන්තවාදී දේශනාවලට සවන්දෙන මෝඩ අනුගාමික තරුණයෝ නිරායුධ අහිංසක මිනිසුන්ගේ ජීවිත උදුරා ගන්නා සර්වබලධාරී දෙවියන් වෙනුවෙන් බෝම්බ බැඳගෙන ජනතාව අතරට විත් ඒවා පුපුරවා ගත්තේය. එහෙත් නැවතීමක් නැත. තවත් පිරිසක් ඊළඟ පියවරට සූදානම් වේ. නවසීලන්තය පමණක් නොව අපේ රට ද, ‘‘අහමඞ් ආදීල් සම්සුදීන්’’ගේ සිදුවීම හුදෙකලා සිදුවීමක් ලෙස ගණන් ගැනීම නුවණට හුරු නැත.

උදේශ සංජීව ගමගේ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment