සිරියාවේ බසයක බෝම්බ පිපිරී 14 ක් මරුට

95

මධ්‍යම සිරියාවේ ඩැමස්ක්ස් නගරයේ පෙරේදා (20දා) යුද හමුදා බසයක සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තිබේ. ඊයේ උදෑසන ජනාකීර්ණ ව පැවති ජිස්ර් අල් රයිස් නමැති පාලම පසුකරනවාත් සමගම සිදුව ඇති මෙම බෝම්බ පිපිරීම සඳහා බසයේ බෝම්බ දෙකක් සවි කර තිබී ඇති බව අනාවරණය වී තිබේ.

 මෙම බෝම්බ ප‍්‍රහාරය සිදු වී මද වේලාවකින් වයඹ දිග සිරියාවේ සිදු වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වී ඇත. මෙම ප‍්‍රහාරයන්ගේ වගකීම ඊයේ සවස වන විටද කිසිවෙකු විසින් භාරගෙන නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment