බම්බලපිටිය සිරි වජිරාරාම විහාරයීය වජිරාරාම පුස්තකාලයේ සියවස් සමරු ජයන්තිය නිමිත්තෙන් පැවැති ”සියවස් සමරු උළෙල” පසුගිය ( 14) දින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, වැඩබලන උත්තරීතර මහානායක අතිගෞරවාර්හ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
වජිරාරාමාධිපති අතිපූජනීය තිරිකුණාමලයේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි වජිරාරාම පුස්තකාල ගොඩනැගිල්ල නව මුහුණුවරකින් සසුනට දායාද කළ LOLC අධිපති ඉෂාර නානායක්කාර මැතිදුන්ගේ සියතින් සියවස් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සියවස් සමරු උළෙල පැවැත්විනි.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමි, මහරගම ධර්මායතනකාරි පූජ්‍ය හක්මන සුමන සිරි හිමිපාණන් වහන්සේ, පූජ්‍ය තලල්ලේ චන්දකීර්ති, සිරි වජිරඥාන පුස්තකාලයාධිපති පූජ්‍ය බටුවත්තේ ධම්මානන්ද, වජිරාරාම පුස්තකාල සංවර්ධන කමිටුවේ සභාපති විශ්‍රාමික පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, ජාතික පුස්තකාල හා ලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, LOLC අධිපති ඉෂාර නානායක්කාර සහ කල්ෂා සමරසිංහ, නියෝජ්‍ය නීතිපති අයේෂා ජිනසේන මෙනෙවිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඇතුළු සම ආරාධිත සම්භාවනීය අමුත්තන්ද පිරිසගේ සහභාගිත්වයෙන් පැවැත්වින.