සිව්වන සමාලෝචනයට IMF කාර්යමණ්ඩල එකඟතාව ලැබේ

12

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා මූල්‍ය අරමුදලේ නිලධාරීහු සහ ශ්‍රී ලංකා බලධාරීහු ඊයේ (25දා) කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුනහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සිව්වන සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 344ක මූල්‍ය පහසුකමක් පස්වන වාරිකය ලෙස ලැබෙනු ඇත.

සමස්තයක් ලෙස විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් බවත්, රජය වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටීම වඩාත් වැදගත් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment