තණමල්විල පාසලක 16 හැවිරිදි ශිෂ්‍යාවකට ශිෂ්‍යයන් 21 දෙනකු විසින් ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ අපරාධය පිළිබඳ තොරතුරු වසන් කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (13දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විදුහල්පතිවරයාට අමතරව එම පාසලේ උප විදුහල්පතිවරයකු, උපදේශන ගුරුවරියක සහ විනය කමිටු භාර ගුරුවරයකු ද සිටින බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් අද (14දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වසරකට අධික කාලයක් තිස්සේ මෙම දැරියට සැකකාර ශිෂ්‍යයන් ලිංගික අතවර කර ඇති බව පවසන පොලිසිය සැකකාර විදුහල්පතිවරයා ඇතුළු පිරිස ඒ බව දැනගෙන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව ද කියා සිටියි.
අතවරයට පත්වූ දැරිය මීට ඉහතදී මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛiවරයා විදුහලේ බලධාරීන්ට පවසා ඇත්තේ දැරියට සිදුවන අතවර පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙසයි. එහෙත් විදුහලට සිදුවන අපකීර්තිය මකා ගැනීම සඳහා මෙම සැකකරුවන් දැරියගේ අතවර සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම ශිෂ්‍යාව පාසලේ ශිෂ්‍යයන් දෙදෙනකු විසින් මුලින්ම අතවරයට ලක් කර ඇත්තේ ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය.
එම අතවර සිද්ධියෙන් පසු ශිෂ්‍යාවගේ පංතියේ ශිෂ්‍යයන් 17 දෙනකු විසින් ඇයට විවිධ අවස්ථාවලදී ලිංගික අතවර කර ඇත.
පාසල තුළදී මෙන්ම ප්‍රදේශයේ නිවාස කිහිපයකදී මෙසේ මෙම ශිෂ්‍යාවට අතවර කර ඇති බව හෙළිවී තිබේ. දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ ශිෂ්‍යයන්ට අමතරව ඔවුන්ගේ මිතුරන් වූ වෙනත් පාසල් දෙකක අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් දෙදෙනකු ද ඇයට අතවර කර තිබූ බව මේ වනවිට හෙළිවී තිබේ.
මෙම අතවරයන්ට සම්බන්ධ ශිෂ්‍යයන් සියලු දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැල්ලවාය අධිකරණය නියෝග කර තිබිණි.
ශිෂ්‍යාවට අතවර කළ සැකකාර ශිෂ්‍යයන් අතර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු වන ඖෂධහල් හිමිකරුවකුගේ පුත්‍රයන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
අතවරයට ලක්වූ ශිෂ්‍යයාව එම ව්‍යාපාරිකයාගේ සොහොයුරියගේ දියණිය බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
ඒ අනුව මෙම ශිෂ්‍යාව තම ඥාති සොහොයුරන් දෙදෙනකු අතින් ද අතවරයට ලක්වී තිබේ.
ඊට අමතරව ගුරුවරියකගේ සහ කලාප අධ්‍යාපන නිලධාරියකුගේ පුත්‍රයකු ද මෙම ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටී.
මෙම ශිෂ්‍යාවට පාසල් ශිෂ්‍යයන් දිගින් දිගටම අතවර කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ පාසලේ කාර්යමණ්ඩලය දැන සිට ඇතත් ඔවුන් ඒ බව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් ඊයේ සවස පොලිසිය වෙත කැඳවා තිබිණි.
සැකකාර විදුහල්පතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවය.
තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එම්.පී. බණ්ඩාර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කළ විමර්ශනයකදී මෙම අපරාධයේ සුල මුල හෙළි කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
හේමන්ත රන්දුණු සහ මත්තල දිලිප් එන් ජයසේකර