ඉන්ධන අර්බුදයට මුවා වී පාසල් වසා දැමීමට එරෙහිව සිසු අයිතීන් සුරැකීමේ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතා පා ගමනක් හා උද්ඝෝෂණ රැළියක් ඊයේ (04දා) දහවල් මරදන්කඩවල නගරයේ දී පැවැත්විණි.
පාසල් වහා විවෘත කරව්, ගුරුවරුන්ට ඉගැන්වීමට පහසුකම් ලබා දියව්, දරුවන්ට රටක් ඉතිරි කරව් යනුවෙන් වූ සටන්පාඨ කියමින් කි.මී. 9 ක පමණ දුරක් විරෝධතා පා ගමනේ නිරත වූ විරෝධතාකරුවන් පෙළපාලිය නිමා කොට මරදන්කඩවල නගරයේ දී උද්ඝෝෂණ රැළිය පැවැත්විය.
ඒ නවය මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර කරමින් මෙම රැළිය පැවැති අතර සුළු මාර්ග අවහිරතාවක් ද ඇති විය. මේ සඳහා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල්වල ගුරු හා විදුහල්පතිවරු දූ දරුවන් හා දෙමාපියන් ඇතුළු ලබුනෝරුව, සන්දනම්කුලම යනාදි ගම්මානවල මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගි වී සිටියහ.
තිරප්පනේ සමන් පෙරේරා