සිසු ගැටුමක් දුරදිග ගොස් ජ’පුර සරසවිය දින නියමයක් නැතිව වැසෙයි

415

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ (12දා) දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමුණු බව විශ්වවිද්‍යාලයීය ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවසීය.

ඊයේ සවස 6.00 වනවිට සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙසට පාලනාධිකාරිය දැනුම් දී තිබූ අතර, ඒ අනුව එම සියලුම සිසුහු විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව ගියහ.

දින තුනක සිට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංවිධාන දෙකක් අතර ආරවුලක් පැවැති බවත්, එහි උච්චතම අවස්ථාව ඊයේ යළි ගැටුම්කාරී තත්ත්වයක් දක්වා උද්ගතවීමත් සමග විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

මෙම සිදුවීමත් සමග විශ්වවිද්‍යාලය අසල හා ප්‍රදේශය තුළ පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.

ජ’පුර සරසවියේ සිසුන් 12,000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන අතර මිරිහාන මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment