මියගිය ශිෂ්‍යයාගේ පැටිකිරිය පරීක්ෂණයෙන් එළියට
යාපනයේ කෝපායි ප්‍රදේශයේ පහළොස් හැවිරිදි ශිෂ්‍යයකු මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ශරීරගත වීම හේතුවෙන් 29 දා මියගොස් තිබේ.
මෙම සිසුවා දෙමව්පියන්ට හොරෙන් කාලයක්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූවෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මිතුරන් පිරිසක් සමග මෙම සිසුවා මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව සිහිසුන්ව ඇද වැටී ඇති අතර වෙනත් පිරිසක් විසින් ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ උණ රෝගියෙකු වශයෙනි. ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවා මියගොස් ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම සිසුවා මියගොස් අත්තේ අධි මාත්‍රාවකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීරගත වීම නිසා බවය.
දිනසේන රතුගමගේ