සීඅයිඩී ය ළඟ විරෝධතාව: 10ක් අත්අඩංගුවට ගත්තාට එරෙහිව ජන අරගලයේ පුරවැසියෝ උසාවි යති

203

පසුගිය ජනවාරි 31 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකිරීම සඳහා මගෙන් රටට සංවිධානය හා සිවිල් හා බහුජන සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ නිහඬ විරෝධතාවය විසුරුවාහැර සමාජ ක්‍රියාකාරීන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජන අරගලයේ පුරවැසි සංවිධානයේ ප්‍රධාන ලේකම් ප්‍රගීත් චානක බණ්ඩාර ගුණතිලක හා චාන්දනී පෙරේරා මහත්මිය ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

මරදාන, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් අධිකාරි නිලන්ත දිල්රුක්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා නීතිපතිවරයා එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment