2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පිරිමි මීටර් 100*4 සහාය දිවීමේ රිදී පදක්කම දිනූ බි‍්‍රතාන්‍ය කණ්ඩායම නියෝජනය කළ සීජේ උජා තහනම් උත්තේජක ගත් බවට සනාථ වී තිබේ. උජා සම්බන්ධයෙන් සිදුකරන ලද බී සාම්පල වාර්තාවකින් මේ බව තහවුරු වී ඇති අතර එ් අනුව මහා බි‍්‍රතාන්‍ය සහාය දිවීමේ කණ්ඩායමට ඔලිම්පික් රිදී පදක්කම අහිමිවීමේ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
ඔලිම්පික් උළෙලේදී පිරිමි මීටර් 100*4 සහාය දිවීමේ අවසන් මහා තරගය නියෝජනය කළ බි‍්‍රතාන්‍ය කණ්ඩායමට සීජේ උජා, ෂාර්නල් හියුස්, රිචඞ් කිල්ටි සහ නෙතනීල් මිචෙල් ඇතුළත් වී තිබිණි. කෙසේ වෙතත් තරගාවලිය අතරතුරදී ලබා ගත් සීජේ උජාගෙන් ලබා ගත් මුත‍්‍රා සාම්පලයක තහනම් උත්තේජක අඩංගු වී තිබූ බවට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ එ්කකය පසුගියදා තහවුරු කළේය. එ් අනුව සිදුකළ දෙවන පරීක්ෂණයේදීද සීජේ උජා තහනම් උත්තේජක භාවිත කර ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉතාලිය තත්පර 37.50කින් තරගය නිමා කරමින් එහි රන් පදක්කම දිනා ගනිද්දී තත්පර 37.51කින් තරගය නිමා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට මහා බි‍්‍රතාන්‍ය සමත්විය. එ් අනුව සීජේ උජාට එල්ල වී ඇති තහනම් උත්තේජක චෝදනාව හේතුවෙන් බි‍්‍රතාන්‍ය කණ්ඩායමට පදක්කම අහිමිවුවහොත් තත්පර 37.70කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනූ කැනඩාවට රිදී පදක්කම ලැබීමේ අවස්ථාවක් මේ වනවිට නිර්මාණය වී තිබේ.
කුෂාන් සුබසිංහ