සීනිගම, යුද හමුදා ‘එ්’, ගුවන් හමුදා ‘එ්’ සහ නාවික හමුදාව පළමු දිනයේදී ජය වාර්තා කරයි

106

* අන්තර් සමාජ කාන්තා පළමු පෙළ කි‍්‍රකට් තරගාවලිය

 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් යුද හමුදා ‘ඒ’ කණ්ඩායම සහ කෝල්ට්ස් කණ්ඩායමත් ගුවන් හමුදා ‘එ්’ කණ්ඩායම සහ යුද හමුදා ‘බී’ කණ්ඩායමත් නාවික හමුදාව සහ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායමත් හලාවත මේරියන්ස් සහ සීනිගම කි‍්‍රකට් සමාජ කණ්ඩායමත් ඊයේ (23 වැනිදා* තරග වැදුණි. එ් අනුව එහිදී ජයග‍්‍රහන වාර්තා කිරීමට යුද හමුදා ‘එ්’ කණ්ඩායමත් ගුවන් හමුදා ‘එ්’ කණ්ඩායමත් නාවික හමුදා කණ්ඩායම සහ සීනිගම කි‍්‍රකට් සමාජ කණ්ඩායමත් සමත්වූවාය.

 පනාගොඩ යුද හමුදා කී‍්‍රඩාපිටියේදී පැවැති යුද හමුදා එ් කණ්ඩායම සහ කෝල්ට්ස් කණ්ඩායම අතර තරගයේදී කඩුලූ 9ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා ‘එ්’ කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 32.4කදී මුළු ලකුණු 45කට සියලූ දෙනා දැවී ගිය අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ යුද හමුදා ‘එ්’ කණ්ඩායම පන්දුවර 13.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

 යුද හමුදා ‘එ්’ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 7කට ප‍්‍රතිවාදී කඩුලූ 6ක් දවා ගැනීමට ගනේෂා චාමරි සමත් වූවාය.

 කටුනායක ගුවන් හමුදා පිටියේදී පැවැති ගුවන් හමුදා ‘එ්’ කණ්ඩායම සහ යුද හමුදා ‘බී’ කණ්ඩායම අතර තරගයේදී ලකුණු 191ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත්වූවාය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුවන් හමුදා ‘එ්’ කී‍්‍රඩිකාවෝ නියමිත පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී ලකුණු 272ක් වාර්තා කිරීමට සමත්වූවාය. චමරි පොල්ගම්පල ලකුණු 82ක් සහ ඕෂධී රණසිංහ ලකුණු 71ක් වාර්තා කළ අතර ඩිලානි මනෝදරා ලකුණු 41ක් රැුස් කළාය.

 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ යුද හමුදා ‘බී’ කණ්ඩායම පන්දුවාර 44.2කදී මුළු ලකුණු 81කට සියලූ දෙනා දැවී ගියේය.

 මේ අතර වැලිසර නාවික හමුදා කී‍්‍රඩාංගණයේදී පැවැති නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම අතර තරගයේදී ලකුණු 178ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත්වූවාය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නාවික හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 5ක් දැවී ලකුණු 251ක් රැුස් කළ අතර ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම පන්දුවාර 25.4කදී මුළු ලකුණු 73කට සියලූ දෙනා දැවී ගියේය.

 සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරුණාරත්න පන්දු 123කදී නොදැවී ලකුණු 104ක් රැුස් කළාය. හර්ෂිතා සමරවික‍්‍රම ලකුණු 58ක් රැුස් කළාය.

 මේ අතර බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත් තරගය බවට පත්වු සීනිගම කි‍්‍රකට් සමාජ සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතර තරගයේදී ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට සීනිගම කණ්ඩායම සමත්වූවාය.

 කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සීනිගම කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 5කට ලකුණු 240ක් රැුස් කළාය. කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 91ක් සහ පියුමි වත්සලා නොදැවී ලකුණු 50ක් රැුස් කළේය.

 පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මේරියන්ස් කණ්ඩායම පන්දුවාර 28.2කදී මුළු ලකුණු 147කට සියලූ දෙනා දැවී ගියේය. චමරි අතපත්තු ලකුණු 66ක් රැුස් කළේය.

 සචිනි නිසංසලා සහ කවීෂා දිල්හාරි සීනිගම කණ්ඩායම වෙනුවෙන් මේරියන්ස් ඉනිමේ කඩුලූ 4 බැගින් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment