සීයා – මාමා සහ සහෝදරයා 12 හැවිරිදි දැරියට අතවර කරලා  

978

අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක ඇයගේ සීයා, මාමා සහ සහෝදරයා විසින් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඇයට බඩේ කැක්කුමක් වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලදී ඇය ගැබිනියක බව හඳුනාගෙන ඇත.

ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී මීට වසර දෙකකට පමණ ඉහතදී ඇයගේ සීයා කෙනකු අතවර කර ඇති බව හෙළි කර තිබේ. මෑතකදී ඇයගේ මවගේ වැඩිමහල් සහෝදරයකු සහ සිය සහෝදරයා වරින්වර ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර ඇත.

මේ වන විට දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සීයා සහ මාමා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවටගත් සහෝදරයා සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්. එම්. සංජය ධර්මදාස මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment