2022 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සුජය පාඨක දරුවන් ඇගයීමට සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්) හා එක්ව සුජය ශිෂ්‍යත්ව පුවත්පත සංවිධානය කළ සුජය ශිෂ්‍යත්ව ප්රාණම උළෙල පසුගිය 16 වැනිදා උත්කර්ෂවත් අයුරින් උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
සුජය ශිෂ්‍යත්ව ප්රණාම උළෙල සඳහා 2022 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් දරුවන් අතරින් තෝරා ගත් සුජය පාඨක ශිෂත්වලාභී දරු දැරියන් දස දෙනෙකු සහභාගි විය. දරුවන් ඇගයීම වෙනුවෙන් සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සහතික පත්‍ර හා පදක්කම් ප්රදානය කෙරුණු අතර සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්), කොමර්ෂල් බැංකුව, යූනියන් ඇෂුවරන්ස් සහ ප්‍රීමා සමාගම යන ආයතන මගින් දරුවන්ට ත්‍යාග ප්‍රදානයන් ද සිදුකරන ලදී.
උපාලි සමූහ ව්‍යාපාරයේ අලෙවි අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය සහ උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්යක්ෂ ලහිරු ගුණසේකර, උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්යක්ෂ ලක්ෂ්මන් පෙරේරා, සිලෝන් චොක්ලට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පී. කේ. ඩී. සමන්ත, සිලෝන් චොක්ලට් සමාගමේ අලෙවි සමාන්‍යාධිකාරි ඉන්දික රණසිංහ යන මහත්වරුන් සහ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ කර්තෘ කෝකිලා වෙත්තසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම දරුවන්ගේ දෙමාපියන්ද සහභාගි වූහ.