උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවේ විසිහත් වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 10 වැනි අඟහරුවාදා (හෙට) මහව විජයබා ජාතික පාසලේදී පැවැත්වේ. අනාගතයට දැනුමෙන් පිරිපුන් දරුවන් පිරිසක් දායාද කිරීමට
පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට මහව අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක සිසු, සිසුවියන් සහභාගි වීමට නියමිතය. මහව කලාප අධ්‍යාපන අධ්යක්ෂ මොහොමඩ් අලී ජින්නා මහතාගේ අනුමැතියෙන් සහ මහව විජයබා ජාතික පාසලේ විදුහල්පතිනි දීප්ති මංජුලා මහත්මියගේ සහ නියෝජ්‍ය විදුහල්පති ආර්.එම්.එස්.ටී. රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.
‘විදුලි බලයෙන් සසිරිමත් දිවියක්’ යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සීමාසහිත සිලෝන් චොක්ලට් (කැන්ඩෝස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ, ආනන්ද, විශාඛා, ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිණී ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය සහ මැදිරිගිරිය වඩිගවැව ප්‍රාථමික විද්‍යාලයේ ආචාරිණී, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ප්‍රදීපා මධුවන්ති ගුරුතුමිය විසින් සිදු කරන අතර, ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමවුපියන් දැනුවත් කිරීමේ දේශනය, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සොකො පුහුණු අංශයේ ස්ථානාධිපති, හා කථිකාචාර්ය කැලණිය, ජයවර්ධනපුර, දියතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්ය පොලිස් පරීක්ෂක චාමර විජේරත්න මහතා සහ ගුරු උපදේශිකා, මනෝ විද්‍යා උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදු කෙරේ.