සුජය ශිෂ්‍යත්ව පුවත්පත, සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්) සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සිදු කරන සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පු/තලවිල සාන්ත ආනා මහා විදුහලේදී

14

උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ විසි පස්වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද (04දා) බදාදා දින පු/තලවිල සාන්ත ආනා මහා විදුහලේදී පැවැත්වේ. අනාගතයට දැනුමෙන් පිරිපුන් දරුවන් පිරිසක් දැයට දායාද කිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සද්කාරයට පුත්තලම අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක සිසු, සිසුවියෝ සහභාගිවෙති. පු/තලවිල සාන්ත ආනා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඈන් නිශාන්ති හිපොලිට් මහත්මියගේ මූලිකත්වයෙන් මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

“විදුලිබලයෙන් සසිරිමත් දිවියක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සීමාසහිත සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ, ආනන්ද, විශාඛා සහ ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිණී ගංගා සුභාෂිණී බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කරන අතර, ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමව්පියන් දැනුවත් කිරීමේ දේශනය ගුරු සහ මනෝවිද්‍යා උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදු කෙරේ.


advertistmentadvertistment