සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

39

පදවිය අභයරාජ ප්‍රාථමික විද්‍යාලය

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ දෙවැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පසුගිය 20 වැනි සිකුරාදා පදවිය අභයරාජ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි. උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට පදවිය, මුලතිව්, කන්තලේ (පදවි ශ්‍රීපුර) යන කොට්ඨාසවල ආරාධිත පාසල් 20ක දරු දැරියන් සහභාගි වූහ. පදවිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. කුමුදුනි ආරියවංශ මහත්මිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. පී. ජයසිංහ මහතා යන අයගේ අනුමැතියෙන් අභයරාජ ප්‍රාථමික විදුහලේ විදුහල්පති කේ. එන්. ගුණසිංහ, නියෝජ්‍ය විදුහල්පති පී. බී. යූ. ආර්. ඒකනායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

අභයරාජ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සහ දෙමාපියන් ද මෙම සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා දායකත්වයක් ලබාදුන්හ.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

සී/ස සිලෝන් චොකලට් (කැන්ඩොස්) සමාගමේ ප්‍රාදේශීය අලෙවි විධායක ඉසිර පෙරේරා, පදවිය ප්‍රාදේශීය කළමනාකාර සුභාකරන් කන්නයියා යන මහත්වරුන් ඇතුළු ප්‍රවර්ධන නිලධාරීන්, සුජය පුවත්පතේ කර්තෘ කෝකිලා වෙත්තසිංහ මහත්මිය ඇතුළු සුජය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, උපාලි පුවත්පත් සමාගමේ සහකාර කළමනාකාර (බෙදාහැරීම්) ජයරුක් පෙරේරා මහතා, ප්‍රාදේශීය කළමනාකාර ජේ. වීරක්කොඩි මහතා, පදවි ශ්‍රීපුර අලෙවි නියෝජිත එස්. බී. එම්. ටී. සෙනෙවිරත්න මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ. සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම, කොළඹ විශාඛා, ආනන්ද හා ඉසිපතන විද්‍යාලයන් හි හිටපු ආචාරිනී, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් පවත්වන ලදී. ඊට සමගාමීව පැවැති දෙමාපිය දේශනය ප්‍රවීණ නාට්‍යවේදිනී, ගුරු උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදු කරන ලදී.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

පුස්තකාල පහුකම් අඩු පාසල් පහක පුස්තකාල සඳහා සුජය පොත් පාලම අනුග්‍රහයෙන් පොත් ලබාදීම ද මෙහි දී සිදුවිය.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත
****

තලාව පැණසර ප්‍රාථමික විද්‍යාලය

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ පළමු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පසුගිය 19 වැනි බ්‍රහස්පතින්දා තලාව පැණසර ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි. උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට තලාව කොට්ඨාසයේ ආරාධිත පාසල් 10ක දරු දැරියන් සහභාගි වූහ. තලාව කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ධර්මරත්න, තලාව පැණසර ප්‍රාථමික විදුහලේ විදුහල්පති අසේල උපුල් දිසානායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශිකා එම්. ඩබ්ලිව්. අතපත්තු මහත්මිය, තලාව පැණසර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සහ දෙමාපියන් ද මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වයක් ලබාදුන්හ.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

මේ සඳහා උපාලි සමූහ ව්‍යාපාරයේ සන්නාම අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය ප්‍රමුඛ සී/ස සිලෝන් චොකලට් (කැන්ඩොස්) සමාගමේ ප්‍රාදේශීය අලෙවි විධායක ඉසිර පෙරේරා, තලාව ප්‍රාදේශීය විකුණුම් කළමනාකාර ක්‍රිශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රවර්ධන නිලධාරීන්, සුජය පුවත්පතේ කර්තෘ කෝකිලා වෙත්තසිංහ මහත්මිය ඇතුළු සුජය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, උපාලි පුවත්පත් සමාගමේ සහකාර කළමනාකාර (බෙදාහැරීම්) ජයරුක් පෙරේරා මහතා, ප්‍රාදේශීය කළමනාකාර ජේ. වීරක්කොඩි මහතා, තලාව අලෙවි නියෝජිත නීල් හපුහින්න මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම, කොළඹ විශාඛා, ආනන්ද හා ඉසිපතන විද්‍යාලයන් හි හිටපු ආචාරිණී, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් පවත්වන ලදී. ඊට සමගාමීව පැවැති දෙමාපිය දේශනය ප්‍රවීණ නාට්‍යවේදිනී, ගුරු උපදේශිකා ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදු කරන ලදී.

පුස්තකාල පහසුකම් අඩු පාසල් පහක පුස්තකාල සඳහා සුජය පොත් පාලම අනුග්‍රහයෙන් පොත් ලබාදීම ද මෙහි දී සිදුවිය.

සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ

ඡායාරූප –
නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment