සුජාන්ට සහ රාසික්ට – රන් සපත්තුව සහ රන් බෝලය හිමිවෙයි

345

කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් ශ‍්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ රටවල් බොහොමයක ක‍්‍රීඩා කටයුතු සැලසුමකට අනුව ක‍්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම  පසුගිය කාලසීමාවේදී දැක ගන්නට ලැබුණි. එහෙත් දැන් දැන් වෛරසයට අභියෝග කරමින් නැ`ගී සිටින ආකාරයක් ලෝක කෙළිබිම තුළින් පෙනෙන්නට තිබේ. ඒ අනුව යමින් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ක‍්‍රීඩා අමාත්‍යාංශය එක්ව ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරගාවලියක් කොළඹ දී ක‍්‍රියාත්මක කළේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමේ අරමුණ ඇතිවය. එහි ගෞරවය ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා ප‍්‍රමුඛ සංවිධායක කමිටුවට හිමි විය යුතුය. මෙරට පාපන්දු ක‍්‍රීඩා ලෝලීන්ගේ උද්‍යෝගය ද මෙම තරගාවලිය තුළින් දැක ගැනීමට හැකිවීම ප‍්‍රශංසනීයය.

සුජාන්ට සහ රාසික්ට - රන් සපත්තුව සහ රන් බෝලය හිමිවෙයි

ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ සීෂෙල්ස් යන රටවල සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කෙරුණු සිව්කොන් තරගාවලියේ ශූරතාව සීෂෙල්ස් කණ්ඩායම දිනා ගන්නා අතර වාරයේ ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අනුශූරතාවයෙන් සැහීමට පත් වන්නට සිදුවිය.

අතිශය තියුණු තරගයකින් අනතුරුව ගෝල් 03 – 03 ක් වූ අවසාන මහා සටනේ දී සීෂෙල්ස් පිල හමුවේ දඩුවම් පහර ආශ‍්‍රිතව ගෝල් 03 – 01 ක් ලෙස පරාජය ලැබූ ශ‍්‍රී ලංකා පිල ප‍්‍රදර්ශනය කළ දක්ෂතාව ඉහළ අගයක් ගත්තේය.

සීෂෙල්ස් පිල ‘‘අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන’’ ට හිමිකම් කියන අතර වාරයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුජාන් පෙරේරා සහ මොහොමඞ් වසීම් රාසික් මෙවර තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් අතරේ ඇගයීමට ලක් විය.

ඒ අනුව මෙම තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා වෙමින් ඒ සඳහා පිරිනමන ලද ‘‘රන් සපත්තුව’’ මොහොමඞ් වසීම් රාසීක් දිනා ගන්නා අතර වාරයේ ශ‍්‍රී ලංකා ජාතික පිලට නායකත්වය ලබා දුන් සුජාන් පෙරේරාට වටිනාම ක‍්‍රීඩකයාට හිමි ‘‘රන් බෝලය’’ සම්මානය හිමිවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment