සුද්දා පැරැද්දූ සිංහල පත්තරකාරයා

527

සංස්කරණය – මුදිත කාරියකරවන
ප‍්‍රකාශනය – සුනිල ප‍්‍රකාශන – වලපල-පානදුර
 
 මෙරට පුවත් පත් මාධ්‍යයේ ප‍්‍රවීණයකු මෙන්ම ‘දිවයින’ පුවත් පතේ සමාරම්භක කතු මඩුල්ලේ සාමාජිකයකු, එහි හිටපු ප‍්‍රධාන උපකර්තෘවරයකු හා ප‍්‍රධාන කර්තෘවරයෙකු මෙන්ම මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ස්වකීය දීර්ඝ කාලීන අත්දැකීම් අලලා ග‍්‍රන්ථ කිහිපයක් ලියූ කෘතහස්ත පත‍්‍ර කලාවේදී දිවංගත මෙරිල් පෙරේරා මහතා වරින් වර ලියූ පුවත්පත් ලිපි ඇතුළත් ‘‘මෙරිල් ලියූ ලිපි’’ නම් වූ මෙම ග‍්‍රන්ථය සංස්කරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන මුදිත කාරියකරවනයන් විසිනි. මෙරිල් පෙරේරා මහතාගේ සොහොයුරන් තිදෙනා වන කේ. නිහාල් පෙරේරා, කේ. ගුණසිල් පෙරේරා සහ කේ. සුනිල් පෙරේරා විසින් මෙම ග‍්‍රන්ථය ප‍්‍රකාශනයට පත්කර තිබේ.

 ‘‘හොඳ පත්තරයක් ගොඩනංවන්නට යෙදවෙන විස්මයජනක ශක්තීන් නම් කඩිසරකම, උද්ේ‍යා්ගය සැලකිල්ල, බුද්ධිය හැඩය, දක්ෂතාව, ක්ෂණිකව නැෙ`ගන සිතිවිලි, රාජකාරියට කරන ඇප කැපවීම, මහන්සි වී වැඩ කිරීම, ජීවිත කාලය පුරාම අවදිව සිටින හැම මොහොතකම තම වෘත්තිය වෙනුවෙන් කැපවීම ආදි ගුණාංග බෙහෙවින්ම වැදගත් වන්නේය.’’ ලොව පිළිගත් ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ හේවම් සාමිවරයා මෙලෙස සඳහනක් කර තිබේ.

සුද්දා පැරැද්දූ සිංහල පත්තරකාරයා

‘පුවත් පත් නිෂ්පාදනයේ දී ඉතාම වැදගත් වන කරුණක් වන්නේ සැලැස්මයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් ඒ සඳහා Design යන වචනය භාවිත කෙරේ. පුවත් පත් කලාව තුළ Design යන වචනය දෙන්නට මාධ්‍ය රූප සැලැස්ම යන යෙදුම වඩාත් උචිත වන්නේය. මාධ්‍ය රූප සැලසුම්කරණය කළ එක් ප‍්‍රධාන මූල ධර්මයක් වනුයේ පුවත් පත සිත බඳින තත්ත්වයෙන් වඩ වඩාත් පාඨක ආකර්ෂණය දිනාගත හැකි අන්දමට පත් කිරීමය. එමෙන්ම එහිලා සරලකම, මනනන්දනීය ශීර්ෂ පාඨ යෙදීමද අත්‍යවශ්‍ය වන්නේය. එවන් සරල මනන්දනීය ශීර්ෂ පාඨ යෙදීමේ සුර විරුකම් පාන පුවත්පත් කලාවේදියකු පුවත්පතක සිටීනම් ඒ පුවත්පත වාසනාවන්ත වන්නේය.’
 
 ලැබෙන පුවතක් ආකර්ෂණීය සිරස්තලයකින් යුතුව පුවත්පතකට යෙදීම මෙන්ම ‘‘හෑල්ලක්’’ වැනි පුවතක් අවැසි පමණ කපාකොටා එහෙමත් නැතිනම් පුවත්පත් මාධ්‍ය තුළ සුප‍්‍රකට ‘‘සංස්කරණය’’ නමැති න්‍යාය ධර්මය අනුව කටයුතු කිරීම විස්මයජනක හැකියාවක් බඳුය. එය තප්පර කිහිපයක් තුළ කළ යුත්තකි. පුවත්පතක් එළිදැක්වීම හා සංස්කරණය තුළ ඇත්තේ කාලය සම`ග තරගයකි. පුවත්පතක ප‍්‍රධාන උප කර්තෘවරයා හෙවත් උප සංස්කාරකවරයා අත පැවරෙන භාර¥ර වගකීම අප‍්‍රමාණය. ලන්ඩනයේ ‘‘ඬේලි එක්ස්ප‍්‍රස්’’ පත්තරයේ සංස්කාරක ධූරය වරෙක දැරූ ආර්. ඞී. බ්ලූමෙන්තෝල්ඞ් කී සඳහනක් මට සිහිපත් වෙයි. වචනයේ අර්ථයෙන්ම පුවත් පත තනන්නා උප සංස්කාරකවරයාය. පාඨකයා අතට පත්වන අවසාන නිමැවුම ඔහුගේය.
 
 ‘‘මෙරිල් ලියූ ලිපි’’ සංග‍්‍රහයට පෙරවදනක් ලියන්නට පෙර මෙම සටහන ඔබ ඉදිරියේ තැබුවේ. මෙරිල් පෙරේරා නම් වූ අපේ කාලයේ හමු වූ සොඳුරු පත්තරකාරයා පිළිබඳව යමක් පවසන්නට පූර්විකාවක් සපයන්නටය.
 
 පුවත්පත් කලාව තුළ ‘අ’ යන්න කියවා එහි සියලූ අකුරු කළ පුවත්පත් කලාවේදීන් අතර ‘මෙරිල්’ යන නම අපට කිසිදා අමතක කළ නොහැක්කේය.
 
 පානදුරේ ශ‍්‍රී සුමංගල විදුහලෙන් අකුරු කළ මෙරිල් පාසල් අධ්‍යාපනයෙන් පසු තෝරා ගත්තේ පත්තර රස්සාවයි. ලේක් හවුසිය ඔහුගේ ‘‘මහගෙදර’’ කර ගනිමින් පානදුර ප‍්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස මුලින්ම ඔහු පත්තර රස්සාවේ මුලකුරු කළේය. ලේක්හවුසියේ ‘ජනතා’ පත‍්‍රයට සම්බන්ධ වූ හෙතෙම එහි කතුකම දැරූ මහා පත‍්‍ර කලාවේදියකු වූ ඞී. එෆ්. කාරියකරවනයන්ගෙන් අත්පොත් තැබුවේය.
 
 ලේක්හවුසියේ මෙන්ම ම ‘දවස’ ආයතනයේත් කර්තෘ මාණ්ඩලිකයෙකු බවට පත්ව විවිධ තනතුරු දරන්නට හෙතෙම වාසනාවන්ත වූයේ මෙරිල් නම් වූ මිනිසා තුළ සැ`ගවුණ සුවිශේෂ හැකියාවක් නිසාය. ඔහු පුවත්පත් කලාවේ පැතිරුණු විහිදුණු දක්ෂතා ප‍්‍රකට කළ අතර ඒ මගින් තමා සේවය කළ පුවත් පත බැබළ වූ අසාමාන්‍ය පත‍්‍ර කලාවේදියෙකි. ප‍්‍රවෘත්ති ලිවීම, ප‍්‍රවෘත්ති සංස්කරණය, විශේෂාංග රචනය, සිනමා විචාරය, පරිවර්තනය, චිත‍්‍ර ඇඳීම හා පිටු හැඩගැන්වීම පත්තර බැබළ වූ ඔහුගේ සමත්කම්ය.
 
 1981 දී ‘දිවයින’ පුවත්පත අප මාතෘ භූමියට දායාද කෙරිණි. ‘මෙරිල් පෙරේරා’ නම් වූ සොඳුරු මිනිසා අපට හමුවනුයේ ‘දිවයින’ නමැති අපේ පත්තර කලාවේ එම මහගෙදර දීය. මේ රටේ අපක්ෂපාතී පුවත් පිපාසයක් පැවැති වකවානුවක ‘දිවයින’ ඇරඹුණේ ශ‍්‍රී ලාංකික මුද්‍රිත මාධ්‍ය සම්ප‍්‍රදායේ නව පුනරුදයක ඇරඹුම ජාතියට දායාද කරමිනි.
 
 මෙරිල් පෙරේරා තුළ තිබූ සුවිශේෂී හැකියාවන් හඳුනාගෙන සිටි අපේ කාලයේ පත්තර කාලාවේ දැවැන්තයෙකු වූ එඞ්මන්ඞ් රණසිංහ මහතා එදා උපාලි විජේවර්ධනයන්ගේ ‘දිවයින’ නම් වූ නවමු පුවත්පතට මෙරිල් පෙරේරා තෝරා ගත්තේය. ඒ සඳහා සුදු ජාතික අධ්‍යක්‍ෂවරයා ඉදිරියේ පැවැති සම්මුඛ පරීක්‍ෂණයේ දී මෙරිල් ඉහළින් සමත් වූයේ එඞ්මන් රණසිංහ සූරීන්ගේ තෝරා ගැනීම ඉතා නිවැරදි බව කියාපාමිනි. 1981 ඔක්තෝබර් 4 වැනිදා නවතම ජාතික පුවත්පත වූ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ දොරට වැඩියේය.
 
 ‘සුද්දා පැරද වූ අපේ මිනිසා’ ලෙස ද මෙරිල් වරෙක නමක් තැබුවේ ‘දිවයින’ ඇරැුඹුම සටහන් වෙද්දීය. ඔහුගේ වචනවලින් ඒ සිදුවීම අපි මොහොතක් අසමු.
 
 ‘‘1981 ඔක්තෝබර් 4 වැනිදා ඉරිදා එළිදකින උපාලි පුවත්පත් සමාගමේ පළමු වැනි ඉරිදා පත්තරයේ පිටු දහසය 1981 ඔක්තෝබර් 3 වැනිදා – සෙනසුරාදා මද්දහන වන විට හෝමාගම උපාලි යන්ත‍්‍රාලය වෙත සියලූ වැඩ නිම කර යැවිය යුතු බව ප‍්‍රධාන විධායක විසින් රණසිංහ මහතා මගින් අපට දන්වන ලදී.
 
 පළමු ඉරිදා පත්තරය සම`ග ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ විශේෂ අතිරේකයක් ද පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබූ අතර මේ වන විට එහි වැඩ සියල්ල නිම වී තිබිණි.
 
 කෙසේ හෝ 1981 ඔක්තෝම්බර් 2 වැනි සිකුරාදා උදයවරුවේ ප‍්‍රධාන පත‍්‍රයේ පිටු සකස් කිරීම අප කිහිප දෙනෙකු විසින් පටන් ගන්නා ලදී. පළමු වැනි පිටුවේ වැඩ කටයුතු පමණක් සෙනසුරාදා උදය වරුවේ නිම කිරීමට අපි තීරණය කර සිටියෙමු. සිකුරාදා රාත‍්‍රිය වනවිට පත‍්‍රයේ පිටු රාශියක්ම අප අතින් නිම විය. පිටු දහසයක පත්තරය වැඩ නිම කිරීම සැබැවින්ම අමාරුකාරියක් නොවන නමුත් ‘ ඕෆ්සෙට්’ ක‍්‍රමයට පිටු සැකසීමට අපට තිබූ පළපුරුදු මදිකම තරමක ප‍්‍රශ්නයක් වූයෙන් ඒ සඳහා එතරම් වේලාවක් ගත කිරීමට අපට සිදු විය. කෙසේ හෝ 1981 ඔක්තෝබර් මස 3 වැනි සෙනසුරාදා දහවල් එක පමණ වනවිට පළමුවැනි ඉරිදා දිවයින පත‍්‍රයේ වැඩ කටයුතු නිම කිරීමට අපට හැකි විය. මේ අවස්ථාව වන විට කර්තෘ මාණ්ඩලිකයන් අතරින් කාර්යාලයේ ඉතිරිව සිටියේ සිකුරාදා උදෙන්ම පැමිණි එඞ්මන්ඞ් රණසිංහ මහතාත්, මාත් පමණි.
 
 මේසවල් උඩ නිදා සිටි සෙසු අය එළිය වැටුණු පසු ගෙවල් බලා ගොස් සිටියහ.
 
 මුළු රැුයක් පුරා නින්දක් නැතිව එක දිගට වැඩ කිරීමෙන් අප දෙදෙනාද හෙම්බත්ව සිටි අතර ‘අපේ වැඩ ඉවරයි කියලා මම මැනේජ්මන්ට් එකට කියලා එන්නම්’ කියා රණසිංහ මහතා ඒ පැත්තට ගියේය. මේ වන විට පීටර් හාලන්ඞ් මහතා තවත් දෙතුන් දෙනෙකු පිරිවරාගෙන පළමුවැනි ඉරිදා අයිලන්ඞ් පත‍්‍රයේ පිටු සකස් කරමින් සිටිය දී මා දැක මගේ අතට අත දී ‘‘යූ වොන්’’ (උඹ දිනුම්* කියා මට සුබ පතා ඔහුට පොඩි සහයෝගයක් දෙන ලෙස මට කීවේය.
 
 ඉන්පසුව එම ඉංග‍්‍රීසි පිටු සකසන කාමරයට ගොස් මට පුළුවන් අන්දමට මම ඔහුට සහයෝගයක් දුන්නෙමි.
 
 මේ අතර මැනේජ්මන්ට් එකත් සම`ග සුහද කතාබහක යෙදී ‘‘දිවයිනේ වැඩ ඉවරයි’’ කියා ඔවුන්ට දන්වා සිනාමුසු මුහුණින් මා වෙත පැමිණි රණසිංහ මහතා ‘‘සුද්දා පරාදයි’’ කියා සිංහලෙන් කීවේය.
 
 සුද්දා ඒකම මට වෙන විදියකට ඉංගී‍්‍රසියෙන් කිව්වා’’ කියා මම රණසිංහ මහතාට කීවෙමි. රණසිංහ මහතාට හොඳ සතුටක් ඇති වූ විට ඔහු හදවතින්ම සිනාසෙන්නේ සෙමින් නොවේ මහා හඬ නගමිනි’’.
 
 ඉක්බිතිව 1982 පෙබරවාරි 4 වැනිදා දිවයින නම් අපේ පත්තර ලෝකයේ මහ ගෙදරින් පළමුවරට ‘දිනපතා දිවයින’ පුවත්පත රටට දායාද කෙරිණි. එදා සිට වසර 30 කට අධික කාලයක් ‘දිවයින’ දිනපතා පුවත්පත මනනන්දනීය පුවත් පතක් කරන්නට මෙරිල් පෙරේරා කළ කැපවීම අති මහත්ය.
 
 මෙරිල් කාල වේලාවක් නොබලා ඕනෑම මොහොතක පත්තර කන්තෝරුවට ගොඩ වැදී පත්තරේ අවශ්‍යතා ඉටු කළේය. බොහෝ උපකතුවරුන් දිගු වේලාවක් සිතන සිරස්තලයක් සඳහා මෙරිල්ට ගතවන්නේ තත්පර ගණනකි.
 
 සියල්ලෝම නින්දට ගොස් ඇති මොහොතක රටේ හදිසි සිදුවීමක් වුවහොත් ‘‘දිවයින’ ආරම්භ කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ වූ එඞ්මන්ඞ් රණසිංහ මහතා මුලින්ම කීද්දුවේ, කතා කළේ මෙරිල්ටය. රණසිංහ මහතාගෙන් පසු කර්තෘ පදවියට පත් උපාලි තෙත්නකෝන් මහතාද ඊට පෙර ප‍්‍රවෘත්ති කර්තෘ හා කර්තෘ පදවිය හොබවත් දීද, තවත් කලෙක ප‍්‍රවෘත්ති කර්තෘ ධූරය හෙබවූ ධර්මරත්න විජේසුන්දරද මහ ? ජාමේ හදිසි සිද්ධියක් වූ විට පළමුව මෙරිල්ගේ නිවෙසට කතා කොට ඔහු දැනුවත් කළේය. විනාඩි කිහිපයකින් මෙරිල් කාර්යාලයේය. පසුදා එළිවන විට පාඨකයන්ට එම උණුසුම් පුවත දෙන්නට මෙරිල් කැප වූයේ ආත්ම තෘප්තියක් අත් විඳීමෙනි. තිස් වසරක කුරිරු ත‍්‍රස්තවාදය මව්බිම් වෙළාගත් වකවානුවේ මෙරිල් ? එළිවනතුරු කන්තෝරුවේ රැුඳෙමින් එම උණුසුම් තොරතුරු ‘‘දිවයින’ට ඇතුළත් කිරීමට වෙහෙසුණේය.
 
 ඔහු ‘දිවයින’ ඇරඹුමේ සිට දිගු කළක් එහි ප‍්‍රධාන උප කර්තෘවරයා වූයේය. උපාලි තෙන්නකෝන් මහතාගෙන් පසුව මෙරිල් පත්තරයේ ප‍්‍රධාන කර්තෘ පදවියට පත්විය. ‘දිවයිනේ’ ස්වර්ණමය ඉතිහාසය තුළ පුවත්පත කෙරෙහි පාඨක ආකර්ෂණය දිනා ගැනීමට ඔහු කළ නිර්මාණාත්මක පෙළහර බොහෝය. අරන්තලාවේ මහා භික්‍ෂු ඝාතනය නමැති ඛේදවාචකයේ ඡුායාරූපය පත්තරයේ මුල් පිටුවෙ සිට අවසාන පිටුව දක්වා තීරු හෙවත් කොළම් 16 ක් පුරා විහිදෙන පරිදි ඡුායාරූපයක්ද පළ කරමින් ඔහු දැක් වූ අපූර්ව ප‍්‍රතිභාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ අවස්ථාව මගේ මතකයේ නැෙ`ගයි.
 
 ‘මෙරිල් ලියූ ලිපි’ එවන් ධෛර්යවන්ත පත්තරකාරයෙකුට කළ මහ`ගු උපහාරයක් බඳු යැයි ද මට සිතෙයි. මුදිත කාරියකරවන සොහොයුරා එහිලා ගත් මහන්සිය ප‍්‍රශස්ත කටයුතුය. මෙරිල් පෙරේරා ජීවත්ව සිටිය දී පොත් කිහිපයක්ම ලියුවේය. ඔහු මට වරෙක මෙවැන්නක් කීවේය. ‘උඹ මං මළහම කියන දේවල් දැන් ඉතින් මං ඉද්දී කියපන්’’ ඔහු සිරස්තල යෙදූ ‘අරන්තලාවේ මහා සංඝරත්නය ඝාතනය කළ ඛේදවාචකය’’, දළදා මාලිගාවට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය’’, මායිම් ගම්මාන ඛේදවාචකය’’, ‘‘පිටකොටුවේ බෝම්බ පිපිරුම’’ හා ‘‘ රාජ්‍ය නායකයන් ඝාතනය වීම’’ ගැන මෙරිල් යෙදූ සිරස්තල වරෙක කොළඹ හුනුපිටියේ ගංගාරාමයේ පැවැති මෙරිල් ලියූ එක් පොතක දොරට වැඩුම මෙහෙයවමින් එදා මා ළ`ග තිබූ පත්තර පිටු පෙන්වා මතක් කර දුන්නෙමි.
 
 මගේ කතාව අවසානයේ අප ළ`ගට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙරිල්ගේ කනට කර කීවේ ‘‘ඔබට ලැබෙන්න ඕන ඉහළම සම්මානයයි නාරද අද දුන්නේ’’ කියාය. එවිට මෙරිල් පෙරේරා ලැජ්ජාවෙන් ඇඹරෙමින් පැවසුවේ ‘‘මම නැති තැනක මේවා කිව්වා නම් තවත් වටිනවා.’’ යනුවෙනි. ඔහු ලියූ හැම පොතක්ම වාගේ එළිදැක්වූ උත්සව සභාවන් මෙහෙයවන ලද්දේ මා විසිනි.
 
 අද අංකුර පුවත් පත් කලාවේදීන්ට මෙරිල් පෙරේරා නම් වූ පත්තර කලාවේ විසරුණ ගතිගුණ ප‍්‍රතිභාවන් ප‍්‍රකට කළ මිනිසා ගැන දැන කියාගන්න බිඳක් හෝ ඉඩහසර විවර කරමින් මෙවන් පොතක් සංස්කරණය කරමින් මෙරිල්ගෙත් මාගේත් පැරැණි මිතුරකු වන මුදිත කාරියකරවන නම් පත‍්‍රකලාවේදියා කළ කැපවීම අගය කළ යුතුය. එමෙන්ම එය මුද්‍රණයෙන් එළි දකින්නට ක‍්‍රියා කළ යුතු මෙරිල් මහතාගේ කනිටු සොහොයුරන් තිදෙනා වන නිහාල්, ගුණසිල් හා සුනිල් තම ආදරණීය සොහොයුරාණන්ට දැක් වූ උත්තම ගෞරවයද ප‍්‍රශස්ත කටයුතු ය.
 
 නාරද නිශ්ශංක
 ‘දිවයින’ උපදේශක කර්තෘ

advertistmentadvertistment
advertistmentadvertistment