සුන්දර හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක්

37

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගම් අතරින් එකක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්‍රදේශයේදී විවෘත කළේය.

නවීන පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාව අංක 22, ෂර්ලි කොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්‍රදේශයේ ජනතාවට, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිරිනමන ස්ථාවර තැන්පතු, රන් ණය සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සමාගමේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසුවේ, සමාගම මේ වනවිට දිවයිනේ ආර්ථික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවයි. “හලාවත යනු වර්ණවත් ඉතිහාසයක් මෙන්ම ආකර්ෂණීය වෙරළ තීරයක්ද සහිත සුන්දර නගරයක්. මේ නිසාම එය බෙහෙවින් සංචාරක ආකර්ෂණය දිනූ නගරයක් බවටද පත්වී තිබෙනවා. එමෙන්ම කෘෂිකාර්මික සහ කාර්මික කටයුතු සම්බන්ධයෙන්ද හලාවත ප්‍රදේශය බෙහෙවින් ප්‍රසිද්ධයි. මේ නිසා හලාවත නගරය, ප්‍රදේශවාසීන්ටත් සංචාරකයන්ටත් ආර්ථික හා සමාජයීය වශයෙන් අතිශයින් වැදගත් නගරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙවැනි නගරයක අපගේ ශාඛාවක් පිහිටුවීම මගින් අපගේ දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් වන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙමගින් ප්‍රදේශවාසීන්ට ඵලදායී ආර්ථික කටයුතු වල නියැළීමට සවිමත් අත්වැලක්ද හිමි වනවා.” දුමින්ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment