සුපර් ලීග් පාපන්දු දෙවන අදියර 17 වැනිදා

164

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කෙරෙන සුපර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන අදියර තරග ලබන 17 දින කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරග තරග පිටියේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුස්සන් තෝරා ගැනීමේ තරග සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීමේ සංචිතයෙහි පුහුණුවීම් පළමු අදියර නිමා වීමත් සමගම ආරම්භ කිරීමට පියවර ගත්තේය.

පසුගිය ජූලි මස 02 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන අදියර තරග පවතින කොවිඞ් 19 ව්‍යාප්තිය හේතුවෙන් කල් දමන්නට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය කලින් තීරණය කරන්නට විය.

මෙම තරග මාලාවේ මුල් අදියර අපේ‍්‍රල් මස 19 සිට මැයි 02 දක්වා ක‍්‍රියාත්මක කෙරුණු අතර එයට අයත් වූ තරඟ සංඛ්‍යාව15 කි. එම තරග කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී ක‍්‍රියාත්මක කෙරුණු අතර 16 වැනි තරඟයේ සිට රීඞ් මාවත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මක කෙරෙන වෘත්තීය පාපන්දු තරගාවලියකට අනුවර්තනය වීමේ අරමුණ ඇතිව සංවිධානය කර ඇති මෙම ආරම්භක තරගාවලිය සඳහා කැඳවා ගන්නා ලද කණ්ඩායම් සංඛ්‍යාව 10 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

සුපර් ලීග් පාපන්දු  දෙවන අදියර 17 වැනිදා


advertistmentadvertistment