සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ට අනපේක්‍ෂිත පරාජයක්

70

ලොව සුපිරි ටෙනිස් තරුවක් වන නොවැක් ජොකොවිච්ට ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවුණා.

ඒ ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ඇලෙක්සි පොපිරින් හමුවේ අනපේක්ෂිත පරාජයකට ලක්වීමත් සමඟයි.

ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙම තරගය පරාජය වුණේ තරග වට 6-4ක්, 6-4ක්,

2-6ක් සහ 6-4ක් ලෙසයි. නොවැක් වත්මන් ඔලිම්පික් ශූරයා ද වෙයි.

නොවැක් විවෘත තරගාවලියකදී ඉවත්ව යන්නේ වසර 18කට පසුවයි.

සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාගේස් අල්කරාස්ට ද ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ ශ්‍රේණිගත කිරීම්හි නොවැක් ඕලන්ද ක්‍රීඩක බොටික් වෑන්ඩි සැන්ඩිස්වුල්ප හමුවේ පරාජයට පත්වීම නිසාය.

සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment