ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ශක්තියෙන් බල ගැන්වෙන ඩයලොග් ලීග් ශූරතා ප්‍රමුඛ පෙළ පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ දෙවන අදියර හෙවත් සුපිරි 04 වටය ආරම්භ කරමින් සෙනසුරාදා (06) පැවැති මුල්ම තරගයේ දී කොළඹ රාජකීය විදුහල ජයග්‍රහණය වාර්තා කර ගත්තේය. ඒ කොළඹ වෙස්ලි විදුහල ලකුණු 21 – 16 ක් ලෙස පරාජයට පත්කරමිනි.
කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබීම කැපී පෙනුණි.
ජයග්‍රාහී රාජකීය විදුහල ගෝල් දිනුම් ත්‍රිත්වයක් මගින් තම ලකුණු එකතුව සටහන් කර ගත්තේය. එක් ගෝල් දිනුමක් සමග දඬුවම් පහර ත්‍රිත්වයක් සාර්ථක කර ගනිමින් වෙස්ලි විදුහල තම ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට සමත් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර