මාස්ටර් කාඩ් අභියෝග කුසලාන රග්බි තරගාවලිය
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “මාස්ටර් කාඩ් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය මාර්තු මස 01 දින රත්මලානේ දී පැවැත්වෙන මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ආරම්භ කෙරේ.
තරග 06 කින් සැදුම්ලත් සුපිරි සිව්දෙනාගේ වටය කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් මාර්තු මස 16 දක්වා ක්‍රියාත්මක කෙරේ. මහනුවර සමාජය, හැව්ලොක්ස් සමාජය, සී. ආර් ඇන්ඩ් එෆ්. සී. සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර සුපිරි සිව්දෙනාගේ වටයේ තරග පැවැත්වේ.
මෙතෙක් පැවති මූලික වටයේ තරග ආශ්‍රිතව අංක එක ස්ථානය මහනුවර සමාජය (ලකුණු 47) අපරාජිත බව ආරක්ෂා කර ගනිමින් තහවුරු කර ගෙන ඇති අතර දෙවන ස්ථානය හැව්ලොක්ස් සමාජයට (ලකුණු 42) ද තෙවන ස්ථානය සී. ආර් ඇන්ඩ් එෆ්. සී. සමාජයට (ලකුණු 37) ද, සිව් වැනි ස්ථානය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට (ලකුණු 29) ද හිමිවී තිබේ.
මහනුවර සමාජය ගෝල් දිනුම් 36, උත්සාහක දිනුම් 18 සහ දඬුවම් පහර 10 ක් මගින් ලකුණු 372 ක් රැස් කර ගෙන ඇති අතර ලකුණු 109 ක් මහනුවර ට එරෙහිව සටහන්වී තිබේ. මහනුවර සමාජය තරගයක දී ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 46.5 ක් ලෙස පවත්වා ගෙන ගොස් තිබීම කැපී පෙනෙයි. හැව්ලොක්ස් සමාජය ගෝල් දිනුම් 24, උත්සාහක දිනුම් 14 සහ දඬුවම් පහර 08 ක් ආශ්‍රිතව ලකුණු 262 ක් ද සී.ආර්. සමාජය ගෝල් දිනුම් 25 උත්සාහක දිනුම් 15 සහ දඬුවම් පහර 05 මගින් ලකුණු 265 ක් ද ගුවන් හමුදාව ගෝල් දිනුම් 13, උත්සාහක දිනුම් 12 සහ දඬුවම් පහර 10 ක් මගින් ලකුණු 181 ක් ද සටහන් කර ගත්හ.
සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සැලසුම
2025 මාර්තු 01
ගුවන් හමුදාව සහ මහනුවර අතර රත්මලානේ දී
2025 මාර්තු 02
හැව්ලොක්ස් සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අතර ලොන්ඩන් පෙදෙසේ දී
2025 මාර්තු 08
හැව්ලොක්ස් සහ ගුවන් හමුදාව අතර හැව්ලොක්ස් පිටියේ දී
2025 මාර්තු 09
මහනුවර සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. අතර නිත්තවෙල දී
2025 මාර්තු 15
ගුවන් හමුදාව සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අතර ලොන්ඩන් පෙදෙසේ දී
2025 මාර්තු 16
මහනුවර සහ හැව්ලොක්ස් අතර නිත්තවෙල දී
අනුරුද්ධ හේරත් බණ්ඩාර