සුපිරි 8 වටය අද ඇරැඹේ – පළමු තරගය දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාව අතර

167

පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගනයේදී අද (19 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8 ට එම තරගය ආරම්භ වීමට නියමිත වේ.

තරගාවලියේ මූලික වටය දකුණු අප්‍රිකා කණ්ඩායම අපරාජිතව නිමා කිරීමට සමත් වූ අතර ඇමෙරිකා කණ්ඩායම එක් තරඟයක් පරාජයට පත්ව සුපිරි අට වටයට පිවිසියේය.

මෙම තරගාවලියේ දී මේ කණ්ඩායම් දෙක මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර ඇමරිකාව මූලික වටයේදී පරාජය වූ එකම තරගය ඉන්දියාව හමුවේ පැවති තරගය විය.

එහිදී ඉන්දියාව කඩුලු‍ හතකින් එම තරඟය ජය ගැනීමට සමත් වුවද ඇමරිකාව ලබා දුන් ලකුණු 111 ඉලක්කය හඹා යාමට ඉන්දියාවට පන්දු වාර 18ක් සහ පන්දු 3 ක් වැය වී තිබුණි.

ශ්‍රී ලංකාව ද නියෝජනය කළ ”‍ඩී”‍ කාණ්ඩයේ තරග වදිමින් එම කාණ්ඩයේ සියලු‍ම තරඟ ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

මේ අතර මූලික වටය යටතේ පැවති අවසන් තරඟය වූ බටහිර ඉන්දිය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟයෙන් ලකුණු 104 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක කොදෙව්වෝ සමත් වූහ.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 218 ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්තානයේ සියලු‍ ක්‍රීඩකයෝ ලකුණු 114 කට දැවී ගියහ.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment