සුබ අලුත් අවුරුද්දක් වේවා…

1322
සුබ අලුත් අවුරුද්දක් වේවා…

පද රචනය – දයානන්ද ගුණවර්ධන
‘බක් මහ අකුණු’ වේදිකා නාට්‍යය
ගායනය – අමිතා වැදිසිංහ

2024 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 2.41 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 2.41ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්; අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 11.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06ට එනම් අප්‍රේල් 14 වැනි ඉරිදාට එළිවන පාන්දර 00.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වැනි සඳුදා දින උදේ 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි බදාදා උදේ 06.52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

සැ.යු. ඉහත නැකත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකත් කමිටුව විසිනි.

(සියලුම වේලාවන් ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවෙනි)


advertistmentadvertistment