‘සුරක්‍ෂිත හෙට දවසක්’ පොලිස්පති මෙහෙයුමට මුල් පියවර

112

‘සුරක්ෂිත හෙට දවසක්’ තේමා කරගෙන පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් හා ලිංගික අපචාරවලින් මුදා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දියත් කරන වැඩපිළිවෙළේ මූලික සාකච්ඡාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග පැවැත්වූ අවස්ථාව.

මෙම සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශක්‍යා නානායක්කාරල ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා නයනී සුදසිංහල ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් පසිඳු ගුණරත්නල අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්ග එන්ග රණසිංහ යන මහත්ම මහත්මීහු හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ආචාර්යවරුල වෛද්‍යවරු ඇතුළු පිරිසක් ද එක්වූ බව නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාව භාර රොෂාන් රාජපක්‍ෂ මහතා පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment