සුරතලුන්ගේ සංග්‍රාමය එක්දින තරග ජය සිල්වෙස්තර විදුහලට

81

මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව කඩුලු 03 ක ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් “සුරතලුන්ගේ සංග්‍රාමය” සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රාහී ශාන්ත සිල්වෙස්තර විදුහලට “මැදිවක අභියෝග කුසලාන” ප්‍රදානය කෙරුණි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් විද්‍යාර්ථ විදුහල පන්දු වාර 48.2 දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124 කි. විද්‍යාර්ථ විදුහල වෙතින් ලබා දුන් අභියෝගය අපහසුවකින් තොරව පසු කර යෑමට ශාන්ත සිල්වෙස්තර විදුහලට හැකියාව ලැබිණි. ඒ අනුව සංවිධානාත්මක පිතිකරණයක නිරත වෙමින් පන්දු වාර 39.2 කදී කඩුලු 07 කට ලකුණු 125 ක් වාර්තා කර ගැනීමට ශාන්ත සිල්වෙස්තර විදුහලට හැකි විය. ඒ අනුව කඩුලු 03 ක ජයග්‍රහණයක් ශාන්ත සිල්වෙස්තර විදුහල සතු විය.

ලකුණු සාරාංශය

විද්‍යාර්ථ විදුහල සියල්ල දැවී ලකුණු 124

ධනුප කොඩිකාර 25, පුබුදු තාරක 16, චමල්ක ගිහාන් 12, නිෂ්මික කවිෂාන් 11, දිනෙත් ධනංජය 09 සහ ෂෙවාන් මෝසස් 09

(නිමේෂ සිල්වා 06/02, කාෂ්‍යප දිසානායක 19/02, ඉසුරු ගුණසේකර 26/02)

ශාන්ත සිල්වෙස්තර විදුහල කඩුලු 07ට ලකුණු 125

වගීෂ හංසල 31, කවීෂ චන්දිමාල් (නොදැවී) 20, අකිල වික්‍රමසිංහ 13, ඩයන් ප්‍රනාන්දු 13, අකිල වික්‍රමසිංහ 13, කාෂ්‍යප දිසානායක 09, අරූෂ ජයසිංහ 09

( චමල්ක ගිහාන් 23/02)
අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment