‘සුවවිරු’ ප‍්‍රශ්න දුරදිග නොයවන්න

87

කොරෝනා වසංගතය අප රට තුළ ව්‍යාප්ත වෙද්දී කොරෝනා රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය නියෝජනය කරන පිරිස් සිදුකරන සේවාව ඉතා ඉහළ මට්ටමින් ඇගයිනි. ‘සුවවිරුවන්’ ලෙස ඔවුන්ගේ සේවාවට නමක් පටබැඳුනේ ඒ නිසාවෙනි.
 
 කොරෝනා ආසාදිතයන් සමඟ සිය ජීවිත අවදානම ද නොතකා ඔවුන් කරනා සේවය හෑල්ලූ නොකිරීමට වගබලා ගැනීම සියලූ බලධාරීන්ගේ යුතුකම විය යුතුය.
 
 එහෙත් අද වන විට එම තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් තම යුතුකම ඉටු නොකොට අර්බුද රැුසකට මුල පුරමින් සිටින බව පැහැදිලිය. හෙද වර්ජනයන් දිග්ගැස්සෙමින් පවතින්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
 
 කොරෝනා ප‍්‍රතිකාර කටයුතු සිදුකරන හෙද නිලධාරින් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම, හෙද නිලධාරීන්ගේ උසස්වීම් ගැටලූව විසඳීමට පියවරයන් නොගැනීම, හෙද නිලධාරීන්ගේ මාණ්ඩලික සේවා තත්ත්වය නැවත ස්ථාපිත කිරීම, අනතුරු දීමනාව සියලූ හෙද නිලධාරීන්ට ලබාදීම, හෙද නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම, හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, කොරෝනා වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණපා ඇති ගැටලූ සඳහා කඩිනමින් විසඳුම් ලබානොදීම, ප‍්‍රවාහන හා අතුරු දීමනා රුපියල් 15,000 ක මුදල ලබා නොදීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙද නිලධාරීන් විසින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ. මෙම ඉල්ලීම්වලින් එකක් හෝ අසාධාරණ යැයි කිව නොහැක. එනිසා තවත් ප‍්‍රමාද නොකර ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට යුක්තිසහගත විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතුමය. එසේ නොවුනහොත් සිදුවන්නේ කොරෝනා රෝගීන් ඇතුළු අනෙකුත් රෝගීන් දැඩි අසරණභාවයට පත්වීම පමණි. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ කුමන හෝ අංශයක් මේ මොහොතේ නිෂ්ක‍්‍රීය වුවහොත් එය වඩාත් බරපතළ සමාජ ඛේදවාචකයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබේ.
 
 අපේ රටේ බහුතර ජනතාව තවමත් සිය වෛi ප‍්‍රතිකාර ලබා ගන්නේ රජයේ රෝහල්වලිනි. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ වරින්වර ඇතිවෙන වර්ජන නිසා දැඩි ලෙස පීඩාවට පත්වන්නේ මෙම ජනතාවයි. එනිසා මේ රටේ තැලෙන පෙළෙන පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් අසරණ නොකරන වටපිටාවක් සකස් කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම විය යුතුය. වෛiවරු වර්ජනය කළත්, හෙදියන් වර්ජනය කළත්. රෝහල් සුළු සේවකයන් වර්ජනය කළත් අවසානයේ තැලෙන්නේ, පීඩාවට පත්වන්නේ මේ රටේ අහිංසක ජනතාව බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුය.
 
 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය පෙන්වා දෙන්නේ හෙදියකට සිය මුල් පත්වීම අරගෙන පළමු උසස්වීම සඳහා අවුරුදු දහයක් ගත වන බවයි. ඒ සඳහා වෛiවරයකුට යොමුවන්නේ අවුරුදු දෙකක් බව හෙතෙම කියා සිටී. ඔහු පෙන්වා දෙන අයුරින් හෙද හෙදියන්ට ඊළඟ උසස්වීමට සෑම සඳහා තවත් අවුරුදු 20 ක් ගත වන බවයි. නමුත් ඒ සඳහා වෛiවරයකුට ගතවන්නේ අවුරුදු නවයක් පමණි. ඔහුගේ තර්කයේ තාර්කික බව අප දන්නේ නැත. වෛiවරයකුගේ සහ හෙදියකගේ කාර්යභාරය සමකළ නොහැක. එහෙත් මේ දෙපිරිසම ක‍්‍රියාත්මක වන්නේ එකම ක්‍ෂේත‍්‍රයක බැවින් ඔවුනගේ වෘත්තීයට අදාළව පහසුකම්, උසස්වීම් හා අනෙකුත් සේවා අඩුවකින් තොරව ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුය. කොරෝනාව නමැති මාරාන්තික වසංගතය නිසා වෛiවරු, හෙද හෙදියන්, සෞඛ්‍ය සුළු කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඇතුළු සියලූ දෙනා දැඩි අවදානමකට ලක්ව ඇත. මේ සියලූ සුව විරුවන්ගේ සිත් නොතලා ඔවුන් තම ක්‍ෂේත‍්‍රයේ මුහුණ දී සිටින ගැටලූවලට විසඳුම් ලබා දීමට තවත් පමා නොකළ යුතුය. සුව විරුවන්ගේ ප‍්‍රශ්න දෙස මානුෂිකව බලා පියවර ගත යුතුය. ඔවුන්ගේ දයාව කරුණාව මෙන්ම කැපවීම නිසා සුවහසක් රෝගීන් සුවපත් වන්නා සේම ඒ සඳහා කැපවන ඔවුහු මානසිකව නොවැට්ටීමට වගබලා ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම බව යළිදු අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment