සුළු වැරදිවලට දඬුවම් විඳින සිරකරුවන්ට සහනයක් දෙන්න

83

අන්තර් ජාතික මහද්වීපික මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

මෙරට සිරකරුවන්ගෙන් 92%ක් පමණ කම්කරු පවුල්වල සාමාජිකයන් වන හෙයින් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ සිරකරුවන් නොවන අයට මීළඟ ලෝක කම්කරු දිනයේදී සහනයක් සලසන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

සාමාන්‍ය වැරදිවලට සිර දඬුවම් විඳ ඇති අයවලුන් සඳහා වසරකට මාස 2ක සිර සහන කාලයක් ලබා දෙන ලෙස එම කොමිසමේ අධ්‍යක්‍ෂවරුන් වන වෛද්‍ය සමින්ද ධර්මරත්න සහ වෛද්‍ය සංගීත් ජයසේකර මහතා එම ලිපියෙන් ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ලොව බොහෝ රටවල ද මෙවැනි පියවර ගෙන ඇති බවද පෙන්වා දෙන එම කොමිසම එවැනි අධිරාජ්‍ය විරෝධී අරගලවලට රට වෙනුවෙන් කැපවී වත්මන් ජනපති හා අගමැති පියවරුන් ද සිරගතව සිට පොදු සමාව යටතේ නිදහස ලැබූවන් බවද සිහිපත් කරන ඔවුන් මෙවැන්නක් කිරීම එම පියවරුන්ටත් කරන උත්තම ගෞරවයක් වනු ඇති බවද සඳහන් කර තිබේ.

එමෙන්ම පසුගිය සිංහල අලුත් අවුරුද්දට කෙටි කාලීන සිරකරුවන්ට සහනයක් තමන් ඉල්ලා සිටි බවත් ඊට රජය දැක්වූ මානවවාදී අවධානය නිසා රජය ඉතිරි වූ මුදල ගැන මෙන්ම පවුල් 779කට තම පියවරුන්, සැමියන් ලැබී ඇති බවත් ඔවුනගෙන් අවශ්‍ය අයට පෞද්ගලික අංශයේ ජීවනෝපාය සැලසීම ගැන කටයුතු අරඹා ඇති බවද දක්වා තිබිණි. දඬුවමේ පරමාර්ථය මිනිහා නිවැරැදි කිරීම බවද එහි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment