NDB බැංකුව ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ වැදගත් පියවරක් ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සමඟ සම්බන්ධ වෙමින් ව්‍යවසායකයන් සඳහා වැඩමුළු මාලාවක් සංවිධානය කරන ලදී.
NEDA ආයතනය මඟින් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන ‘B500 ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මෙම වැඩමුළු මාලාව පවත්වා ඇත. මෙම B500 වැඩසටහන ශ්‍රී ලාංකේය නව ව්‍යාපාර සන්නාම 500 ක් ගොඩනැංවීම සහ දේශීය ව්‍යවසායන් නංවාලීම සඳහා අත්‍යවශ්‍ය පුහුණුව සහ සම්පත් සැපයීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩමුළු මාලාව, ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම, වත්මන් වෙළඳපල ප්රවණතා අවබෝධ කර ගැනීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල්කරණය උපයෝගී කරගැනීම වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සැලසුම් කර තිබිණි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තරඟකාරී වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් වලින් සන්නද්ධ කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය.