සෙලියුලයිටිස් රෝගය සුවකරන හෝමියෝපති ප්‍රතිකාර

113

අද වත්මන් සමාජයේ බොහෝ දෙනෙකුට නොසිතූ මොහොතක ඇති විය හැකි වේදනාකාරී රෝගී තත්ත්වයක් ලෙස සෙලියුලයිටීස් රෝගය හැඳින්විය හැක. සුලභව පාදවල මේ තත්ත්වය ඇති විය හැකි අතර මෙය වළලුකරින් පටන්ගෙන ක්‍රමයෙන් ඉහළට යෑමත් දක්නට ලැබෙන අතර මෙය දණහිසෙන් ඉහළ දක්වාම පැතිර යා හැක. පුංචි දරුවන්ගේ මුහුණේ හටගත හැක. ක්‍රියාශීලි වයසේ සිටින දරුවාගේ සිට මහල්ලා දක්වාම ආසාදනයට ගොදුරු වීම කවර මොහොතක සිදුවෙනවාද කාටවත් කිව නොහැක.

 වෛද්‍යතුමනි, සෙලියුලයිටීස් රෝගය කියන්නේ කුමක්ද?

සෙලියුලයිටිස් රෝගය සුවකරන හෝමියෝපති ප්‍රතිකාර

සෙලියුලයිටීස් තත්ත්වය ලෙස හඳුන්වන්නේ සමට යටින් ඇති මෘදු පටක වල streptococcus හෝ straphylococcus බැක්ටීරියා ආසාදනය වී පැතිර යෑමයි. බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ රුධිර ගත සීනි පාලනය නොවන අවස්ථාවන්හිදීද, ගල්තැලුම් ඇති විටද නහර ගැට ගැසීම් ඇතිවිටද පාද ඇඟිලිකරුවල දිලීර ආසාදන ඇති විටද සත්ත්ව නියපොතු මෙන්ම තමාගේ කැසීම්වලදී ඇතිවන නියපොතු සිරීම්, කම්බි සිරීම්, වැටීම්, සපා කෑමෙන් විසප්පු වැනි තත්ත්ව නිතර තුවාල ඇතිවන අයටද විලුඹ පැලීම් ඇතිවීමෙන්ද අප නොසිතන ආකාරයකට විෂබීජ ශරීරගත විය හැක.

 වෛද්‍යතුමනි, සෙලියුලයිටීස් රෝගියකුගේ මූලික ලක්ෂණ මොනවාද?

 සෙලියුලයිටීස් තත්ත්වය ඇතිවුණු රෝගියකු අප හඳුනා ගැනීමේදී මූලික ලක්ෂණ ලෙස එම ස්ථානය ඉදිමීම දක්නට ලැබෙනවා. බොහෝ දෙනකුගේ පාදවල මෙය දැකිය හැක. මෙම ඉදිමුම ඉහළට පැතිර යා හැක. යටි පතුල ද ඉදිමුම ගෙනදිය හැක. මතුපිටින් සම රතුවීම, ලප කැළැල් මෙන්ද තුවාල කැළැල් මෙන්ද, දියපට්ටා ලෙස ඇතිවීමද ආසාදනය තත්ව අනුව වෙනස් වී ඇතිවිය හැක. අධික කැසීමක් ඇතිවීම, දැවිල්ලක් ගෙනදීම, පුපුරු ගසනවාක් මෙන් ඉතා වේදනාකාරී තත්ව ගෙනදි ඇවිදීමට, සිටගෙන සිටීමට නොහැකි වීම, මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස හැඳින්විය හැක. තවද වෙව්ලා උණ ඇතිවීම, සීතල ගතිය දැනීම, රුධිර ගත ESR, CRP අගය ඉහළ යෑම මෙහිදී දැකිය හැක.

 මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ප්‍රතිකාරය නිවැරදිව නොවුණහොත් භයානක තත්ත්වයක් කරා යාවි. ඇතැම් විට මරණ තර්ජනීය අවස්ථා උදාවිය හැක. බැක්ටීරියාව ආසාදනය වූ මෘදු පටක දිගේ රුධිරයට ඇතුළු වී, රුධිරය හරහා මුළු ශරීරය පුරාම විෂබීජ පැතිර යාහැක. එවැනි අවස්ථාවන් ජීවිතයට තර්ජනයක් විය හැකිය.

 තවත් සංකුලතාවක් වන්නේ මස්කන බැක්ටීරියාව නොහොත් Necrotizing Fascilitis තත්ත්වය, එවිට සමේ සෛල කොටස් මෘදු කොටස් හා ඊට යටින් ඇති මාංශපේශීන් පවා මෙම බැක්ටීරියාවට විනාශ කළ හැක. එවිට පටක ඉක්මනින් විනාශ වී විශාල තුවාල බවට පත්වනවා. මෙය සමහර විට පාදය කපා ඉවත් කරන තත්ත්වයට පත්වන්නක් වන්නක් වනවා.

 මේ සඳහා හෝමියෝපති ප්‍රතිකාර පවතිනවාද?

 බැක්ටීරියා විනාශ කරන ඖෂධ හෝමියෝපති ප්‍රතිකාරවල තිබෙනවා. හෝමියෝපති ප්‍රතිකාරවලදී රෝග ලක්ෂණ අපට ඉතා වැදගත් වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින ශරීර ප්‍රතිශක්තිය අනුව ආසාදනය වන ආකාරය වෙනස් වෙනවා. පෙන්වන රෝග ලක්ෂණ ද වෙනසක් හෝ වෙනස්වීමක් දක්නට ලැබෙනවා.

 නමුත් මෙහිදී අනිවාර්යයෙන්ම ආසාදන තත්ත්වය ස්ථිර තත්ත්වයෙන් නැතිව යෑමට ඇතුළාන්තයෙන් නහර ලිහිල් වී හොඳ රුධිර ගමනාගමනයක් සිදු විය යුතුයි. එවිට ඉදිමුම නැත්තටම නැතිවී ආසාදන තත්ත්වයන් නැවත නැවතත් ඇති නොවන ලෙස පූර්ණ සුවයක් ගෙන දෙන්නේ එය හෝමියෝපති ඖෂධීය ප්‍රතිකාර මගින් සිදුවීමත් එය ඒ ආකාරයට සිදුවිය යුතු බව නොදැන සිටීමත් ඔවුනොවුන් මෙම රෝගයට ජිවිත කාලය පුරාවට විඳවීමට හේතුවක් වනවා. පාද අවපැහැ ගැන්වීම, වේදනාවන් වරින් වර මතුවීම, ආසාදන තත්ව වරින් වර මතුවීම ඉදිමුම වසර ගණනාවක් පැවතීම ඔබ අසහනකාරී තත්ත්වයට පත්වීම රෝගය නිසැක සුවය නොවනු ඇත.

 මෙහිදී වෛද්‍යවරයාගේ දක්ෂතාවය, නිවැරදි ඖෂධය රෝග ලක්ෂණවලට අනුව තේරීම වැදගත් වනවා. හෝමියෝපති ප්‍රතිකාර මූලධර්මයට අනුව සුවවීම සිදුවනවා. මෙහිදී දුර්වල වූ ශරීර ප්‍රතිශක්තිකරණය ගොඩනගමින් විෂබීජයට එරෙහිව සටන් කරනවා. හොඳ රුධිර ගමනාගමනයක් නහර තුළ ඇති කරනවා. ඒ සමග ඉදිමුම හා කැසීම නැතිව යෑම, වේදනාව නැතිව යෑම සමග ආසාදිත තත්ත්වය පහව යෑමත් සිදුවනවා. එමගින් රෝගියා පූර්ණ වූ විශ්මිත සුවයක් ස්ථිර ලෙස අත්දැකීම සෙලියුලයිටිස් රෝගයට ඔබ ලබන පූර්ණ සුවය වනු ඇත.

 වෙනත් රෝගවලටත් හෝමියෝපති ප්‍රතිකාර තිබෙනවාද?

 සෙලියුලයිටීස් වගේම සියලුම චර්ම රෝග, ආතරයිටිස්, පාකින්සන්, කොඳු ඇට පෙළේ ආබාධ, ස්නායු රෝග, අත් පාවල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැලවී යාම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්ථුලතාවය, කැස්ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග ආදී සෑම රෝගයකටම ද හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ තුළින් සුවය ලැබිය හැකි වනවා. එය ඔබට නිරෝගිමත් දිවියකට දිව ඔසු අත්වැලක් වනු නොඅනුමානය.

සෙලියුලයිටිස් රෝගය සුවකරන හෝමියෝපති ප්‍රතිකාර



 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718250717 ඇමැතිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment