සෙස් බද්දෙන් අස්ප ගැහිල්ලක් – විපක්‍ෂ නායක සජිත්

125

විදේශගත ගෘහ සේවයේ නියැලෙන අයගෙන් ලැබෙන 5%ක සෙස් බද්ද භාවිත කළ යුතු වන්නේ ශ්‍රමිකයන්ගේ සහ විදේශගත කරවන ආයතනවල, ශ්‍රමික පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වුවත් මෙම සෙස් බද්ද පෞද්ගලික ආයතනයක් භාවිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මෙම සෙස් බද්ද ලංකාව ජයග්‍රහණය කරන්න නොව කොම්පැනිය ‘ජයගමු’ කරන්න යොදා ගන්නා බවත් මෙසේ සිදුව ඇති දූෂණ වංචා හොරකම ගැන සොයා බලන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෙස් බදු මගින් එකතු වන මහා ධනස්කන්ධය තනි පුද්ගලයකු හෝ ඇමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන දෙයක් නොවී විවිධ පාර්ශ්වකරුවන් හා කණ්ඩායම් හි පොදු යෝජනා අනුව ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් එසේ නොවුවහොත් එම මුදල් අද වගේ පෞද්ගලික දේශපාලන ව්‍යාපාරවලට යොදා ගන්නා බවත් ජනතාවගේ අරමුදල් අවභාවිත කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිතයන් සමග පැවැති හමුවකදීය.

එසේම ඊශ්‍රයාල් වැනි රටවලට රැකියා කෝටා ලබා දීමේ දී යහපත් ක්‍රමවේදයක් සිදු නොවන බවත් දූෂිත ක්‍රියා සිදුවන බව වාර්තා වන නිසා ඒ ගැනත් සොයා බලන බවත් පෞද්ගලික පළිගැනීම්වලින් තොරව නිවැරදි සත්‍ය අනාවරණය කර යහපත් පිරිසිදු වගකියන වගවෙන ක්‍රමවේදයක් සකස් කරන බවත් මෙහි දී අනීතික මිනිස් ජාවාරම පවා නැති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


advertistmentadvertistment