තනු නිර්මාණය, සංගීත සංකල්පය හා ඒකාබද්ධ ගීත රචනය කළ ශිල්පියාට ගීත රචනය කළ ශිල්පියාට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු ගාස්තු නොගෙවූ යැයි ගායන ශිල්පී සේනක බටගොට මහතාට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත හතක් ගායනා කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය ලබන 18 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය සිදු කළ ජගත් කුලතිලක මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනු කර තිබූ පැමිණිල්ලක් කැඳ වූ අවස්ථාවේදී නීතිඥ තිළිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ සඳුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා පසුගිය අප්‍රේල් 02 වැනිදා මුල්වරට එම වාරණ නියෝගය නිකුත් කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක