සේපාල් ලිඛිතව සමාව ඉල්ලයි

178


තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සමස්ත භික්ෂූන් වහන්සේලාගෙන් සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටින බව සේපාල් අමරසිංහ නමැත්තා ලිඛිතව දන්වා තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා එම සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ලිඛිතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවය.

2022 වසරේ දෙසැම්බර් 29 වනදා දළදා වහන්සේට සහ බුදු දහමට අපහාස වන ආකාරයට ඔහු සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවීමෙන් පසු ජනවාරි මස 05 වනදා සේපාල් අමරසිංහ නමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුව අද යළිත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment