සමෘද්ධි සේවකයන්ගේ දිරි දීමනා ගැටලුවක් මුල් කරගනිමින් සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් 15 වැනිදා සමෘද්ධි බැංකුව විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ සම සභාපති පී. කේ. රනුක්ගේ මහතා මෙසේ පැවැසීය.
“සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු 6 ක් මුල්කරගෙන අපි ලබන 15 වැනිදා අලුත් අවුරුදු ගනුදෙනුවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම අප්‍රේල් 22 වැනිදා සිංහල අලුත් අවුරුදු උත්සවවලින් ද ඉවත් වෙනවා.
අප්‍රේල් 17 වැනිදා ඉඳලා මැයි 01 වැනිදා දක්වා ඉතිරි කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයටත් සංගම් 10 ක් විදිහට අපි ඒකරාශීවී කටයුතු කරනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්