සේවා දිගුව ඊයෙන් අවසන් පොලිස්පති ධුරයේ සංක්‍රාන්ති කාලයක්

117

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගු කාලයද ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීම නිසා පොලිස්පතිවරයකු නොමැති තත්ත්වයට පත්ව ඇත.

පොලිස්පතිවරයකු පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදුකළ යුතු නමුත් ඒ සඳහා ජනාධිපතිවරයා විසින් නමක් යෝජනා කළයුතු වේ. ජනාධිපතිවරයා ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින අතර නව පොලිස්පතිවරයකු සඳහා මෙතෙක් නමක් යෝජනා කර නැත.

දැනට පොලිස්පති ධුරයේ කටයුතු කරන සී ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදුන් අතර එයද ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඔහුට නැවත සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න අද (26දා) ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරෙනු ඇත.

නව පොලිස්පතිවරයකු පත්කරන තුරු හෝ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදෙනතුරු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පොලිස්පතිවරයකු නොමැති කාලයක් උදාවෙයි.

චමින්ද සිල්වා


advertistmentadvertistment