සොබාදහමට ළෙන්ගතු පරිසර පොලිස්කාරයා දිවයින

59

දිවයින පුවත්පත ආරම්භයේ පටන්ම රට” ජාතිය” ආගම” සංස්කෘතිය ගැන පමණක් නොව දේශීය උරුමය සුරක්ෂිත කිරීමේ වගකීම වෙනුවෙන්ද පෙනී සිටින පුවත්පතකි. ඒ අනුව මහ පොළොව” පරිසරය” සතා සිව්පාවා” හරිත කෘෂිකර්මාන්තය පිළිබඳව පසු ගිය වසර 40 තුළ සංවේදීව කටයුතු කළ” සංවේදීව වාර්තා කළ වෙනත් පුවත්පතක් නැති තරම්ය. ඒ සඳහා ජාති” ආගම්” උස්” මිටි” පක්ෂ” විපක්ෂ” පන්ති භේද නොසලකන ලද අතර” තලන්නට ඕනෑ විට තලන්නට ඕනෑ එකාට රිදෙන්නට තලා පරිසර සංරක්ෂණ වගකීම ඉටුකරන්නට කටයුතු කිරීමද ‘දිවයින. සතු සුවිශේෂ ලක්ෂණය විය. එය ජාතික වගකීමක් ලෙස සලකා අද දක්වාම ඉටුකිරීම එක අතකින් රට ජාතිය ලබන ජයග‍්‍රහණයකි.

‘දිවයින ඉරිදා සංග‍්‍රහය. සමාරම්භක මොහොතේ පටන් පමණක් නොව” උපාලි සමූහ ව්‍යාපාරය ආරම්භයේදී පටන් සිටම එහි නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතා තම ව්‍යාපාරික පරිසරය නිර්මාණය කර ඇත්තේම පරිසරයේ පහස තම සේවකයින්ට නිසි පරිදි ලැබෙන පරිදිය. ගහ – කොළ වැවීම” නිල්වන් තණතිළි” පොකුණු තැනීම යනාදිය සේවා වටපිටාවෙන්ම නිර්මාණය වී ඇත. ඒ අනුව යමින් දිවයින සමාරම්භක කතුවරුන්ගේ පටන් වසර 40 ක් පුරා දිවයින ප‍්‍රගමනය වෙනුවෙන් සේවය කළෝ පරිසර හිතකාමිහුමය.

සොබාදහමට ළෙන්ගතු පරිසර පොලිස්කාරයා දිවයින

මේ අතරින් පළමු තැන ගන්නේ ප‍්‍රවීණ හා ප‍්‍රකට කාටුන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම මහතා යයි කීම වරදක් නොවේ. මන්ද” ඔහු කළමනාකාරිත්වය සමග හෙට්ටුවී පෙර කී තණතිලි” පොකුණු ආයතන පරිශ‍්‍රයට ගෙන ආ වීරයා වේ. ඒ තමන්ගේ පමණක් නොව සහෝදර සේවක මානසික ඒකාග‍්‍රතාව ඇති කිරීම සඳහාය. බොහෝ විට හෙතෙම කාටූන් නිර්මාණයකට පෙර මෙම දිය පොකුණක්” ගහක් සතෙක්” නිල්ලක් දෙස බලා සිට නිර්මාණය කිරීම ඔහුගේ දිනචර්යාවේ එක අංගයක් විය. වන ජීවීන්ට මහත් ඇල්මක් දැක්වූ හෙතෙම මිය යන තුරාම පරිසර සංරක්ෂණය අරභයා කාටුන් චිත‍්‍රය මගින් දිවයින” අයිලන්ඞ් පත‍්‍ර මාධ්‍ය දෙක තුළින්ම කළ සේවය සදා අමරණීය වේ. එසේම සෑම සති අන්තයකම පාහේ යාල” උඩවලව සංචාරයේ ගිය ප‍්‍රවීණ හා අප‍්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පියකුද විය.

ඉරිදා දිවයින සමාරම්භක කර්තෘවරුන් වන එඞ්මන්ඞ් රණසිංහ හා දයාසේන ගුණසිංහ මහත්වරුන් එදා පරිසරය සංරක්ෂණය වෙනුවෙන් අභීතව ක‍්‍රියා කළේ කාගේවත් බලපෑම්වලට නොනැමීය. දයාසේන ගුණසිංහ මහතාගේ සුප‍්‍රකට ‘‘උකුස්සා” තීරය පවා කැලෑ පාළුවන් හා පරිසරය වනසන්නන් ගැන තදින් අනාවරණය කරන්නට වෙන්කළ අවස්ථා බොහෝය. එතෙකින් නොනැවතුණු ඉරිදා දිවයින” පරිසර සංරක්ෂණ කාර්ය භාරයම විටෙක දින ගණන් ගත කරන වනගත සංචාරවල අපූර්වත්වය කරාද වෙන්කර පාඨකයා ඒ වෙත රැගෙන ගියේ” චන්ද්‍රසිරි කටුදෙණිය” කරුණාදාස සූරියආරච්චි” චන්ද්‍රසිරි දොඩන්ගොඩ” බුලිත ප‍්‍රදීප් කුමාර” ජානක ලියනාරච්චි වැන්නවුන් ලියූ සංචාරක සටහන් ඔස්සේය. එහි කොටස්කරුවන් වන්නට මෑත කාලීන පරම්පරාව නියෝජනය කරන අපටද අවස්ථාව උදාවිය. එසේම” රසායනික පොහොර හා කෘෂි රසායන මාෆියාවට ලෙඩවී මරණ මංචකය පෙනි පෙනී දිවි ගෙවූ ඈත එපිට වන්නියේ සිය ගණනක අහිංසකයින්ගේ කඳුළු කතා දිගින් දිගටම කීවේ දිවයින ඉරිදා සංග‍්‍රහයම මිස වෙන අයකු නොවේ. වනාන්තර විනාශය සිදුවන්නේ කොතැනද” අනවසර වැලි” මැටි” පස් කපන්නේ කොතැනද” අනවසර ගල්කොරි මගින් ජන ජීවිත අඩාල කරන්නේ කොතැනද එතැන දිවයින සිටියේය. මෙවන් සිද්ධීන්ගෙන් දිවයිනට මගහැරුණු සිද්ධීන් ඇත්නම් ඒ ඉතා අතලොස්සකි. ඒ හැරෙන්නට විල්පත්තුවේ සිදුවූ සියවසේ දැවැන්තම වන විනාශයේ පටන් කැලෑ කැපෙන්නේ කොතැනද” පරිසර විනාශයක් සිදුවන්නේ කොතනද එදා පටන් අද දක්වාත් ඒ අනාවරණය කරන්නට අපට ශක්තිය ලැබී ඇත්තේ අතීත හා ආයතන පෙරගමන්කරුවන් නිසාය. එසේ අනාවරණය කිරීමෙන් බේරාගත් පරිසර පද්ධතීන්ද රැසකි.

සොබාදහමට ළෙන්ගතු පරිසර පොලිස්කාරයා දිවයින

කළමනාකාරිත්වය එදා සිට අද දක්වා ඒ සඳහා මනා පිටුබලයක් ලබා දුන් අතර” දයාසේන ගුණසිංහ” ගාමිණි සුමණසේකර” අනුර සොලමන්ස් යන කර්තෘවරුන් යටතේ පරිසරයට ලෙන්ගතු ඉරිදා දිවයිනක් පවත්වාගෙන යන්නට ලබා දී ඇත්තේ අපමණ සහයෝගයකි. එසේම” පරිසරය” ගහ – කොළ සතා සිව්පාවා රැකීම සඳහා” මහපොළොව රැකීම සඳහා” ගෝලීය උණුසුම” දේශගුණික විපර්යාස” ස්වභාවික ආපදා” දේශගුණික අනාථයින් බිහිවීම වැනි කතා වෙනුවෙන් අදත්” හැමදාමත් ඉරිදා දිවයිනට ඉඩක් වෙන්ව තිබේ. බුලිත ප‍්‍රදීප් කුමාර විසින් මීවිත ටැබ්ලොයිඞ් අතිරේකය සංස්කරණය කරන සමයේදී එහි මැද පිටු ද්වය සම්පූර්ණයෙන්ම වෙන්වූයේ පරිසරය පිළිබඳව” සොබා සෞන්දර්යය වාර්තා කිරීම වෙනුවෙනි. මනෝජ් අබයධීර මීවිත සංස්කරණය කරන කල ‘‘සොබාව” නමින් වෙනම පිටුවක් පරිසරයට එක්විය. ඉරිදා දිවයින නිම්නය එදා සිට අද දක්වාම පරිසරය” ගහ-කොළ” සතා-සිව්පාවා වෙනුවෙන් හා වනගත සංචාර වෙනුවෙන් වෙන්වීම පරිසරය සමග දිවයින පවතින ලබැඳියාව සනිටුහන් කරන්නකි.

මේ අතර පරිසරය වනසන්නන්ට අපේ පන්හිඳෙන් තදින් පහර දීමේ කලාවද අප අත්හැර නැත්තේ පරිසරයම මිස අපට ඒ අයගේ තත්ත්වය හා බලපුළුවන්කාරකම් වැඩකට නැති බැවිනි.

පසුගිය කාලයේ එසේ අප සමග උරණ වූවන් අතර” ප‍්‍රබල ව්‍යාපාරිකයින්” දේශපාලකයින් හා හිටපු පරිසර අමාත්‍යවරු පවා සිටිති. නමුත් පරිසරය

සුරැකීමේ අපේ කලාව වසර 40 න් ඔබ්බටද රැගෙන යන්නට අපට ශක්තිය හා ධෛර්යය ඇත. ඒ ජාතික වගකීම වඩාත් හොඳින් ඉටුකළ යුතු කාලයකටද අපි පැමිණ සිටිමු. දිවයින ආරම්භකයින්ගේ සිට අතින් අත ආ එම පරිසර සංරක්ෂණ යෂ්ටිය දැන් අපගේ අතට පත්ව ඇති හෙයිනි. එය ඉටුකිරීම හෙට දිනයේත් සිදුවේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment