පුත්තලම පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පුරා මාස කිහිපයක් තුළ සිදු කළ විමර්ශන අනුව වයඹ පළාතේ විවිධ ස්ථානවල නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් සොරකම් කරන ලද රත්තරන් තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රත්තරන් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් බව පොලිසිය සඳහන් කරයි. වාරියපොල, නොරොච්චෝලේ, නාගොල්ලාගම, දොරටියාව, දැදිගම, කොස්වත්ත යන පොලිස් වසම්වල පුද්ගලයින් විසින් නිවාස හා ස්ථානවලින් සොරකම් කර උකස් ආයතනවලට උකස් කරන ලද රත්තරන් තොගයක් මෙලෙස පොලිස් විමර්ශනවලදී සොයාගැනීමට හැකිව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ලබා දුන් නියෝග මත ඔවුන් කොස්වත්ත පොලීසියටත්, නොරොච්චෝලේ පොලිසියටත් වැඩි භාර දී තිබේ.
වයඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් හා පුත්තලම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.එස්.කේ රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පුත්තලම පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ් . එම්. චන්ද්‍රසිරිලාල් මහතා ඇතුළු නිලධාරින් මෙම විමර්ශන සිදු කළ අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ