සෞඛ්‍ය අර්බුදය හමුවේ ජන දිවියට එල්ලවී ඇති තර්ජනය

103

මේ වන විට ඇති ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව නිසැකවම ආහාර පරිභෝජනය ඌණතාවයයි. අධික මිල ගණන්, සාගින්න සහ මන්දපෝෂණය එහි ප්‍රතිඵලයයි. විශේෂයෙන් පෙර පාසල් සහ පාසල් යන දරුවන්ට මේ තත්ත්වය බලපායි. විශාල මෝල් හිමියන් පස් දෙනකු සහ වෙළෙඳ ජාලයක් විසින් අධික ලාභ ලැබීම නිසා ඉහළ යන ආහාර මිල සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතුය. කෙසේ වෙතත්, රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම ආහාර මිල ගණන් ඉහළ යෑම සඳහා ප්‍රධාන සාධකය වන අතර, ලාභ ලබන්නන් සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගබඩා කර අස්වැන්න නෙළන විට ඒවා නිකුත් කිරීමෙන් වෙළෙඳපොළ හසුරුවමින් කටයුතු කරති. වගාවට ගත් ණය ගෙවීමට සිදුවන නිසා දුප්පත් ගොවීන්ට අඩු මිලට වී ඇතුළු කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට සිදුව ඇත. 1972/3 ශ්‍රීලනිප/ලසසප/කොප හවුල බලයේ සිටියදී මිල පාලනය කිරීමට හැකිව තිබූ කාලයේ මෙන් ශක්තිමත් ගොවි සහ පාරිභෝගික සමුපකාර ක්‍රමයක් හරහා ආහාර දෙපාර්තමේන්තුවක් සමගින් රජය මැදිහත් නොවීම මේ තත්ත්වයට අද ප්‍රධාන හේතු සාධක වේ.

එසේම ශ්‍රී ලංකාවේ පවතින දැඩි ඖෂධ හිඟය සහ අධික මිල ගණන් හේතුවෙන් සෞඛ්‍ය අර්බුදය උග්‍ර වී ඇත. ප්‍රධාන වශයෙන්ම රජයේ රෝහල්වල සහ පෞද්ගලික ඔසුසල්වල මිල ඉහළ ගොස් ඇති බව පෙනේ. මේ නිසා දැන් වියදම දරාගත නොහැකි ජනයා රජයේ රෝහල්වලින් සහන පැතීමට සිදුව ඇති නිසා රෝහල්වලට ඉල්ලුම වැඩිවී ඇත. මෙම ඖෂධ හිඟය සහ මිල අධික වීම උග්‍ර රෝග සහ නිධන්ගත රෝග යන දෙකෙන්ම පෙළෙන රෝගීන්ට දැඩි ලෙස බලපා ඇත. බැක්ටීරියා, වෛරස් සහ දිලීර වැනි ක්ෂුද්‍රජීවීන් නිසා උග්‍ර ආසාදන ඇති අයට අමතරව පරපෝෂිතයන්, නිශ්චිත ප්‍රතිකාරවලින් තොර ක්ෂය රෝගය (TB) වැනි නිධන්ගත ආසාදන ඇති අයට සුවිසල් ප්‍රශ්නයකි. විශේෂයෙන්ම මේ තත්ත්වය ළමා, තරුණ, මහලු සියලුම වයස් කාණ්ඩවලට අයත් විය හැකිය. හෘද රෝග වැනි නිධන්ගත රෝග ඇති රෝගීන් හෘදයාබාධ හා හදිසි මරණ අවදානමට මුහුණ දෙයි. අධි රුධිර පීඩනය ඇති අය අංශභාගය හා මරණයට තුඩු දෙන ආඝාත අවදානම වැඩිය. දියවැඩියාව වැනි හෝමෝන ආශ්‍රිත රෝග ඇති අයට ප්‍රතිකාර කරන තාක් කල් දිගු ඵලදායී ජීවිතයක් ගත කළ හැකි නමුත් ඖෂධ නොමැතිව ඔවුහු මියයති. පැරසිටමෝල්, ඇස්ප්‍රින් වැනි වේදනා සහන සඳහා බහුලව භාවිත කරන ඖෂධ පවා හිඟය. ලංකාවේ මිනිස්සු ඉන්නේ බඩගින්නේ පමණක් නොව, මේ අනුව ලෙඩ වී මියයෑමේ බයකිනි.

සමසමාජ පක්ෂයේ ඉල්ලීමක්ද වූ දුප්පතුන්ට ඖෂධ නොමිලේ ලබාදීමට කටයුතු කළ අභාවප්‍රාප්ත මහාචාර්ය සේනක බිබිලේ මහතා සමසමාජ පක්ෂයේ සාමාජිකයකු බව සිහිපත් කළ යුතුය. විවිධ වෙළෙඳ නාමයේ ඖෂධ වර්ග විවිධ මිල ගණන් යටතේ වෙළෙදපොළට ගලා බසිද්දී, වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් දුප්පත් පොහොසත් සියලුම රෝගීන්ට ඒවා අලෙවි කර මුදල් ඉපයූ විට, සේනක බිබිලේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තිය එළිදැක්වීය. සහ තුන්වන ලෝකය පුරා ක්‍රියාත්මක කරන ලදී. ඔහු 1970 ගණන්වල දී අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් ඖෂධ නාමයන් 250ක් පමණ යොදා ලැයිස්තුගත කළ අතර, එය දැන් 350ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. ඒවායේ ඖෂධ නම්, (උදාහරණ ලෙස පැරසිටමෝල් ගනිමු. නමුත් මෙම ඖෂධයේ වෙළෙඳ නාම කිහිපයක් ඇත. ඒ අනුව පැරසිටමෝල් විවිධ වෙළෙඳ නාම සමඟ වෙළෙඳපොළේ තිබේ. එහිදී බහුලව වෙළෙඳපොළේ ඇති දෙය මිලදී ගන්නට සිදුවීමෙන් පැහැදිලිවම සූරාකන වෙළෙඳ මාෆියාවකට ජනතාව ග්‍රහණය කර ගැනීම සිදුවේ. මෙය දස ගුණයක් හෝ ඊට වැඩි මිල ගණන්ය. සේනක තරයේ කියා සිටියේ සියලුම වෛද්‍යවරුන් සාමාන්‍ය නාමයෙන් ලෙඩුන්ට ඖෂධ නිර්දේශ කළ යුතු බවයි. අවසානයේදී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. නමුත් වෛද්‍යවරුන් කිහිප දෙනකු මෙය නොකර වෙළෙඳ නාමය පමණක් ලබාදීම හෝ ඖෂධයේ සාමාන්‍ය සහ වෙළෙඳ නාම යන දෙකම ලබා දෙයි. ඖෂධවේදියා සාමාන්‍ය ඖෂධ නිකුත් කිරීමට සදාචාරාත්මකව බැඳී සිටී. නමුත් වෛද්‍යවරයා වෙළෙඳ නාමය ලබා දී ඇත්නම් ඔහුට මිල අධික සන්නාමය සහිත ඖෂධ ලබා දිය හැකිය. මේ නිසා වෛද්‍යවරයා ප්‍රමාණවත් තරම් බෙහෙත් (සාමාන්‍යයෙන් සතියකට මිල අධික ප්‍රතිජීවක) මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටින රෝගීන් මුදල් නොමැතිකම නිසා දින තුන හතරක් පමණක් මිල දී ගන්නා අයුරු මම දැක ඇත්තෙමි. මෙය රෝගියාට දරාගත නොහැකි මිල අධික ඖෂධ ලබා දීමට බල කරයි. සේනක විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC‍) පිහිටුවන ලද අතර ඖෂධ සාධාරණ මිලකට ලබාදීම ආරම්භ කළේය.

1975 හවුල් ආණ්ඩුවෙන් සමසමාජ පක්ෂය පන්නා දැමූ පසු සේනකට ද ඉල්ලා අස්වන ලෙස දන්වන ලදී. ඉන්පසුව පෞද්ගලික අංශයට ඕනෑම මිලකට තම මූලාශ්‍රවලින් ආනයනය කිරීමට අවසර දුන් අතර, SPC ඖෂධ මිලදී ගත හැක්කේ ඔවුන් කැමති නම් පමණි. අද බොහෝ ඔසුසල් SPC සහ අනෙකුත් වෙළෙඳ නාම යන දෙකම ජනතාවට ඉදිරිපත් කරයි. දුප්පතුන්ට පළමු දේ ලබාගත හැකි අතර ධනවතුන්ට දෙවැන්න මිලදී ගත හැකිය.

නමුත් සන්නාම නිෂ්පාදනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යන නිසා දැන් වැඩි පිරිසක් SPC වෙත යොමු වෙමින් සිටිති. මෙම අමතර ඉල්ලුම සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය SPC වෙත වැඩි මුදලක් ලබා දිය යුතුය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමට සහය දිය යුතු අතර, මෙමගින් වියදම අඩු වන අතර ඩොලර් වැයවීම ද අඩු වේ.

සෞඛ්‍ය අර්බුදය හමුවේ ජන දිවියට එල්ලවී ඇති තර්ජනය
මහාචාර්ය තිස්ස විතාරණ
advertistmentadvertistment
advertistmentadvertistment