සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් – බස්නාහිර රෝහල්වල අද පැය 4ක් වැඩ නවතී

55

වෘත්තීය සමිති 72කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (21දා) බස්නාහිර පළාත තුළ රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි.

මේ අනුව බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවාව තුළ සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, ක්‍ඔල ඵඍඔ පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම, ඖෂධ බෙදාහැරීම, සියලු සෞඛ්‍ය සායන කටයුතු සහ එන්නත් කිරීම් කටයුතු අඩාලවිය හැකි බව එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය. උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර හෙට (22දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අයහපත් කාලගුණ තත්ත්වය සහ වෙසක් උත්සවය හේතුවෙන් ලබන 28දා දක්වා කල්දැමීමටත්, එදින පෙරවරු 8.00 සිට අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment