සෞඛ්‍ය උපදෙස් නොතැකුවොත් මසකට මරණ 4500 ක්

353

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් නොතැකුවහෝත් මසක් ඇතුළත රෝගීන් 4000 ක් 4500 ත් අතර ප‍්‍රමාණයක් මියයෑමේ අවදානමක් පවතින බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛi ප‍්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

මේ වනවිට හඳුනාගන්නා කොවිඞ් ආසාදියතයන් ගෙන් සියයට 50 කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

වාර්තා වන රෝගීන්ගෙන් වැඩි ප‍්‍රමානයක් අපට දක්නට ලැබෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප‍්‍රභේදයට සමානකමක් දක්වනවාද යන්න සැක සහිතයි. මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම පිරිලා ඉවරයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ අඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලූකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50 කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4000 ක් 5000 ක් අතර මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. රටේ යුද්ධය පැවැති සමයෙවත් මෙච්චර මිනිස්සු ප‍්‍රමාණයක් මියගියේ නැහැ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනෑ මේක ඉතාමත් භයානක තත්ත්වයක් බව.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment