සෞඛ්‍ය උපදෙස් පිළිපදිමුද? හතරවෙනි කොවිඞ් රැල්ලකට අත වනමුද?

73

පසුගිය මැයි 21 දින රට පුරා පනවනු ලැබූ දැඩි සංචරණ සීමා මාසයකට පසුව, එනම් ජූනි 21 දින ඉවත් කරන ලද අතර, ඊට දින තුනකට පසුව, ජූනි 23 දා රාත‍්‍රි 10.00 සිට ජූනි 25 අලූයම දක්වා යළි සංචරණ සීමා ක‍්‍රියාත්මක වූයේය. මෙම ලිපිය ලියන මොහොත වන විට, රට පුරා
 
 සංචරණ සීමා ඉවත් කොට තිබුණද, පළාත් අතර ගමනාගමන තහනම තවදුරටත් ක‍්‍රියාත්මක වන්නේය. මාසයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ දැඩි සංචරණ සීමා හේතුවෙන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය කොතෙක් දුරට පාලනය වූයේ දැයි හරියටම කියන්නට තවම කල් වැඩි වුවද, දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ගණනෙහි තරමක අඩුවීමක් දැනටමත් දක්නට ලැබෙන්නේය. මැයි මස අග භාගය වන විට, දිනපතා හමුවන කොවිඞ් ආසාදිතයන්ගේ ගණන 3000 ඉක්මවා ගියද, මේ වන විට එම සංඛ්‍යාව 2000ට අඩු අගයකට පත්ව ඇත්තේය. අනෙක් අතට, වසංගතයේ සැබෑ අවදානම නැතහොත් භයංකර තත්ත්වය කිසිසේත්ම පහව ගොස් නැති බව සෞඛ්‍ය බලධාරීන් පුන පුනා අවධාරණය කරන අතර, ලබන ජූලි 5 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය
 
 මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරිපත් කොට ඇත්තේය.
 
 මේ වන විට, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 250,000 ඉක්මවා තිබෙන අතර, මුළු මරණ සංඛ්‍යාව 3000ට ආසන්න වී ඇත්තේය. යටකී පරිදි, දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද (තවමත් දිනකට 2000කට කිට්ටු ආසාදිතයන් ප‍්‍රමාණයක් වාර්තා වන්නේය*, දිනපතා මියයන කොවිඞ් රෝගීන් ගණන 50
 
 ආසන්නයේ පවතින්නේය. මෙහිලා දිනකට කරනු ලබන පී.සී.ආර්. පරීක්‍ෂණ ප‍්‍රමාණය ද වැදගත් වන අතර, හමුවන ආසාදිතයන් ගණන හා පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව අතර අනුපාතය වඩාත් නිවැරදි දර්ශකය වන්නේය. පී.සී.ආර්. පරීක්‍ෂණ අඩුකොට, දෛනික ආසාදිතයන් ගණන අඩු වී ඇතැයි හුවාදැක්වීම කොරෝනා මර්දන ක‍්‍රියාවලියට හිතකර නොවන බව අප වටහාගත යුත්තේය. තව සතියක් හෝ දෙකක් රට පුරා සංචරණ සීමා දිගු කරන්නැයි
 
 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය දිනවල ඉල්ලා සිටියේ මෙම පසුබිම තුළය.
 
 මැයි 21 සිට ජූනි 21 දක්වා මසක කාලයක් ක‍්‍රියාත්මක වූ දැඩි සංචරණ සීමා, කොරෝනා මර්දන ක‍්‍රියාවලියට ප‍්‍රයෝජනවත් වූ බවට සැකයක් නැත්තේය. රටේ ජනතාවගෙන් වැඩි කොටසක් නිවෙස්වලට කොටු වී සිටීම කොරෝනා මර්දන ක‍්‍රියාවලියට වාසිදායක වූ බවට සැකයක් නැත්තේය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන පරිදි, කොවිඞ් ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයන් නිවැරදිව හඳුනා ගැනීමට, සංචරණ සීමා බෙහෙවින් උපකාරී වී ඇත්තේය. සංචරණ සීමා (හෝ නිරෝධායන ඇඳිරි නීතිය* ක‍්‍රියාත්මක නොවන විට, ආසාදිතයන් හෝ ආශ‍්‍රිතයන් පිළිබඳ තොරතුරු රැුස්කිරීමට යන විට ඔවුන් නිවෙස්වල නොසිටි අවස්ථා බොහෝ දක්නට ලැබුණු බව උපුල් රෝහණ මහතා තවදුරටත් පවසන්නේය.
 
 එහෙත්, එම මාසය තුළ සංචරණ සීමා ද ඇතුළුව සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනයවීම් කොතෙකුත් දක්නට ලැබුණේය. විශේෂයෙන්, දිනපතා අගනුවරට ඇදී ආ වාහන කන්දරාව දෙස බලනා විට, රට තුළ සැබෑවටම සංචරණ සීමා ක‍්‍රියාත්මක වූයේ දැයි සැකයක් මතුව ආයේය. සංචරණ සීමා යටතේ අවසර ලබාදී තිබුණේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් හෙයින්, රටේ වාහන හිමි සියලූම දෙනා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නේ දැයි සැකයක් මතුව ආයේය. වරක්, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පැය 48ක කාලයක් තුළ වාහන ලක්‍ෂයකට වැඩි ප‍්‍රමාණයක් ධාවනය වූ බව වාර්තා වූයේය. සංචරණ සීමා නොමැති සාමාන්‍ය තත්ත්වයක් යටතේ වුවද, දින දෙකක් තුළ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ලක්‍ෂයක් ගමන් කිරීම විශාල ප‍්‍රමාණයක් වන අතර, ඇතැම් උදවිය සංචරණ සීමා තුට්ටුවකට ගණන් නොගත් බවට මෙය කදිම උදාහරණයක් වන්නේය. මීට අමතරව, හුදෙක් පෞද්ගලික අවශ්‍යතා සඳහා ජනතාව ඒකරාශීවීම් කොතෙකුත් දක්නට ලැබුණේය. බොහෝ පිරිස්
 
 එක්රැුස්වෙමින් විවාහ උත්සව, උපන්දින සාද වැනි ප‍්‍රිය සම්භාෂණ පැවැත්වීම් කොතෙකුත් දක්නට ලැබුණේය. සුපිරි හෝටල්වල සිට පුද්ගලික නිවාස දක්වා වූ විවිධ ස්ථානවල මෙම සාද පැවැත්වීම් දක්නට ලැබුණු අතර, ඇතැම් අවස්ථාවන්හිදී පොලිසිය විසින් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කරනු ලැබුවේය. ප‍්‍රසිද්ධ නළු නිළියන් මෙන්ම ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ද මේ අතර සිටි අතර, මෙම පුද්ගලයන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන්, රටේ සැමටම එක නීතියක් ක‍්‍රියාත්මක නොවන්නේ ද යන ප‍්‍රශ්නය පවා මතුවන්නේය. අනෙක් අතට, මෙයාකාරයට ආරංචි ලැබුණු සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය ක‍්‍රියාත්මක වුවද, වාර්තා නොවූ අවස්ථා තව කොතෙකුත් තිබිය හැකිය.
 
 රට පුරා සංචරණ සීමා ක‍්‍රියාත්මක වූ මාසය තුළ ඇතමුන්ගේ හැසිරීම එසේ වී නම්, එම සීමාවන් ලිහිල් කළ විට කෙසේ වේ දැයි අනුමාන කළ හැක්කේය. මසකට පසුව සංචරණ සීමා ඉවත් කළ ජූනි 21 දින, රට පුරා බොහෝ දෙනකුගේ හැසිරීමෙන් ඒ බව තහවුරු වූයේය. එදින රට පුරා, ලොකු කුඩා සෑම නගරයකම පාහේ ජනතාව විශාල ලෙස එක්රැුස් වූ අතර, එහිදී ශාරීරික දුරස්ථභාවය රැුකීමක් කිසිසේත් සිදුනොවීය. දින කිහිපයක් තිස්සේ නිවසට වී සිටීමෙන් ඇති වූ කාන්සිය මඟහරවා ගැනීමට, නැතිනම් හුදෙක් ෆන් එකක් ගැනීමට වාහනයක නැ`ගී ටවුමේ රවුම් ගසන උදවිය ද දැකගත හැකි වූයේය. ජූනි 21 දා පමණක් නොව ඊට පසුවද, බොහෝ උදවිය මුව ආවරණ හරිහැටි නොපළඳින බවක් දක්නට ලැබෙන්නේය. හුදෙක් පොලිසියෙන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් බේරීම සඳහා, බොහෝ උදවිය මාස්ක් එක නිකටේ දවටාගෙන සිටින බවක් දක්නට ලැබෙන්නේය. දීර්ඝ කාලයක් එක දිගට දැඩි නීතිරීතිවලට යටත්ව කටයුතු කිරීමට වැඩි දෙනකු අකැමැති බව ඇත්තය. දින ගණනාවක් එක දිගට නිවසේ කොටු වී සිටීමට වැඩි දෙනකු අකැමැති බව ඇත්තය. සාමාන්‍ය මිනිසුන් ලෙස අප හැම කෙනකුම පාහේ නිදහසේ සැරිසැරීමට කැමැති බව ද ඇත්තය. එහෙත්, මෙම කොවිඞ්-19 වසංගතය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව අප හැම කෙනකුම තේරුම් ගතයුතුව ඇත්තේය. මෙම වසංගතය හමුවේ, අප හැම කෙනකුගේම නිදහස සීමා වන බව තේරුම් ගතයුතුව ඇත්තේය. මෙම වසංගතය හමුවේ, අපේ හැසිරීම් රටා වෙනස් කළ යුතු බව තේරුම් ගතයුතුව ඇත්තේය.
 
 මේ අතර, ඉන්දියාවෙන් මුල් වරට හමු වූ ඩෙල්ටා වෛරස ප‍්‍රභේදය ශ්‍රී ලංකාවේ ද පැතිරීමේ තර්ජනයක් ඇති හෙයින්, අප හැම කෙනකුම සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපැදීමේ අවශ්‍යතාවයක් මතුව ඇත්තේය. එසේ නොකළහොත්, සිව්වැනි කොවිඞ් රැුල්ලක් ඇතිවීමේ තර්ජනයක් මතුව ඇත්තේය. ඩෙල්ටා වෛරස ප‍්‍රභේදය ආසාදිත වූ කිහිප දෙනකු
 
 පසුගියදා දෙමටගොඩ ආරාමය පෙදෙසින් හමු වූ අතර, මාදිවෙලින් හමු වූ සැක සහිත ආසාදිතයකු පිළිබඳව ද පරීක්‍ෂණ පැවැත්වෙන්නේය. තවත් එවැනිම ඩෙල්ටා වෛරස ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු කහතුඩුව ජයලිගම ප‍්‍රදේශයෙන් හමු වී ඇතැයි වාර්තා වන අතර, ඒ අනුව මෙරටින් හමු වූ ඩෙල්ටා වෛරස ආසාදිත යැයි සැක කෙරෙන ගණන 16 දක්වා ඉහළ ගොස් ඇත්තේය.
 
 2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා වූ කාලය තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරස ප‍්‍රභේද හතරක් හඳුනාගෙන ඇත්තේය. ඒවා, මේ වන විට ග‍්‍රීක හෝඩියේ මුල් අකුරු වන ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා යන නම්වලින් හැඳින්වෙන්නේය. මුල් වරට එංගලන්තයෙන් හමු වූ වෛරස ප‍්‍රභේදය ඇල්ෆා ලෙස ද, දකුණු අප‍්‍රිකාවෙන් මතු වූ වෛරස ප‍්‍රභේදය බීටා නමින් ද, පළමු වරට බ‍්‍රසීලයේ දක්නට ලැබුණු ප‍්‍රභේදය ගැමා නමින් ද හඳුන්වනු ලබන්නේය. මේ අතරින්, ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය දැනට දක්නට ලැබෙන වඩාත්ම භයානක වෛරස ප‍්‍රභේදය ලෙස සැලකෙන අතර, පසුගිය
 
 අපේ‍්‍රල් අග භාගයේ ඉන්දියාව තුළ ඇරඹුණු දරුණු කොවිඞ්-19 දෙවෙනි රැුල්ලට එම වෛරස ප‍්‍රභේදය වගකිව යුත්තේය. මෙම ඩෙල්ටා වෛරස ප‍්‍රභේදය සමස්ත ඉන්දීය සෞඛ්‍ය පද්ධතියම බරපතළ අර්බුදයකට ඇදදමමින්, ඉතිහාස පොත්වල සඳහන් වන පරිද්දෙන්, මුළු ඉන්දියාවම විසාලා මහනුවරක් බවට පත්කරනු ලැබුවේය.
 
 ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන්ගේ රෝග ලක්‍ෂණ වැඩි බවත්, ඒ නිසාම රෝහල්ගතවීමේ සම්භාවිතාවය ද වැඩි බවත් මේ වන විට තහවුරු වී ඇත්තේය. ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන් ඉක්මනින් දුර්වල වන බව ද සනාථ වී ඇතත්, මරණ අනුපාතය වැඩි බවක් තවම තහවුරු වී නැත්තේය. එන්නත්කරණය මගින් වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වයක් පෙන්වූ රටවල පවා ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීමේ තර්ජනයක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේය. ඔස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව, ඊශ‍්‍රායලය වැනි රටවල ද ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් පැතිරෙමින් තිබෙන අතර, ඩෙල්ටා තර්ජනය නිසාම බංග්ලාදේශයේ ඩකා අගනුවර පසුගිය ජූනි 28 දින සිට සතියක කාලයක් මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කරනු ලැබුවේය. මෙම කාලය තුළ ඩකා නුවර වැසියන්ට හදිසි අවශ්‍යතාවයකට හැර නගරයෙන් පිටවීම සම්පූර්ණයෙන් ම තහනම් බව රජයේ නිවේදනයේ සඳහන් වන්නේය. යටකී පරිදි, මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත යැයි සැක කෙරෙන අට දෙනකු පමණ හමු වී තිබෙන අතර, ධීවර ප‍්‍රජාව හරහා මෙම දරුණු වෛරස ප‍්‍රභේදය දිවයිනට ඇතුළුවීමට ඇති තර්ජනය සුළුකොට තැකිය නොහැක්කේය.
 
 කෙසේ වුවද, එක දිගට දිගු කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තැබීම රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන අතර, දැඩි සංචරණ සීමා ක‍්‍රියාත්මක වූ මාසය තුළ දිනකට සිදු වූ පාඩුව දළ වශයෙන් කෝටි 1500ක් පමණ වෙතැයි ගණන් බලා ඇත්තේය. ඒ අනුව බලනා විට, කොරෝනා වසංගතයට සමගාමීව ආර්ථික සුනාමියක තර්ජනයක් ද මතුව ඇති බව පැහැදිලි වන්නේය. එම ආර්ථික බිඳවැටීම නැවැත්වූයේ නැතිනම්, කොරෝනා වසංගතය තරමටම, සමහර විට ඊටත් වඩා වැඩි විනාශයක් ඇතිවිය හැක්කේය. එක අතකින්, කොරෝනා වසංගතය මැඬලීම සඳහා විවිධ සීමා පැනවීම අවශ්‍ය වන අතර, අනෙක් අතට, රටේ ආර්ථිකය මුළුමනින් බිඳවැටෙන්නට ඉඩ නොදී රැුකගැනීම අවශ්‍ය වන්නේය. මේ අවස්ථාවේදී,
 
 රැුවුලත් කැඳත් දෙකම බේරාගැනීම අවශ්‍ය වන්නේය. ඒ නිසා, මේ අවස්ථාවේදී, සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදිමින්, කොරෝනා මර්දන ක‍්‍රියාවලියට පූර්ණ සහයෝගය ලබාදීම අපගේ යුතුකම වන්නේය.
 
 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති
 මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment