සෞඛ්‍ය වෘත්තීන් 15 ක් අද වර්ජනයේ

102

ඉල්ලීම් 06 කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවාවන් 15 ක සහභාගීත්වයෙන් අද (09දා) සංකේත වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව පරිපූරක වෛi වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

මෙම වර්ජනය සඳහා පරිපූරක වෛද සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15 ට අයත් 50,000 ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහභාගිවීමට නියමිත බවද මේ සඳහා වෛi රසායනාගාර විiාඥයන්, ඖෂධවේදීන්, සියලූ පරිපූරක වෛi වෘත්තිකයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ හෙද වෘත්තිකයන් සහභාගීවන බවද ඒ මහතා පැවැසීය.

මෙම වැ වර්ජනය මාතෘ, පිළිකා, ළමා රෝහල් සහ කොවිඞ් රෝහල්වල කි‍්‍රයාත්මක නොවන බව කී රවි කුමුදේශ් මහතා හදිසි අත්‍යවශ්‍ය හා ජීවිත ආරක්‍ෂණ සේවා සැපයීමට වැඩකටයුතු සූදානම් කර ඇති බවද පැවැසීය.

තම ඉල්ලීම් අතර සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, මාණ්ඩලික සේවා චක‍්‍රලේඛය වහා නිකුත්කිරීම, උසස් වීම් චක‍්‍රලේඛය වහා නිකුත් කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇති බවද ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා සහ ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment