හතලිස් වසරක මාධ්‍ය දිවියේ අත්දැකීම් බිඳක්

189

* කැඩෙට් භටයන් ලෙස දැක්ක කොටි පැටව්

* මුලතිව් කැලයේ කොටින්ගෙන් කැන්ඩොස් චොකලට් සංග‍්‍රහයක්


1999 දෙසැම්බර් 18 ජනාධිපතිවරණය ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ බෝම්බයකින් එම ජනාධිපතිවරණ අපේක්‍ෂිකාවක වූ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ එක් ඇසක් අහිමිවී ජීවිතය නූලෙන් ගැලවුණි’ ඒ කොළඹ නගර සභා පිටියේ පැවැති ජනාධිපතිවරණ අවසන් මහා රැුළිය ඇමතීමට පැමිණි අවස්ථාවේදීය’ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ද 1993 මැයි 01 වැනිදා මෙලෙස ඝාතනය විය’

‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ වසර 40 ක් සම්පූර්ණවන මෙම අවස්ථාවේ එවැනිම කාල පරිච්ෙඡ්දයක මුද්‍රිත මාධ්‍ය අත්දැකීම් ලද මා වෙත සුවිශේෂීම සිද්ධියක් පිළිබඳව සටහන් තබන ලෙසට ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ ප‍්‍රධාන කර්තෘ බුලිත ප‍්‍රදීප් කුමාර මහතා මගෙන් ඉල්ලීමක් කළේය.

මෙකී කාල පරිච්ෙඡ්දයක් තුළ ලොව පුරා මෙන්ම දිවයින පුරා සිදුවූ හා සිදුවෙමින් පවතින ආර්ථික, සමාජයීය හා දේශපාලන ක්‍ෂේත‍්‍රයන් තුළ සිද්ධීන් නම් අපමණය. අරගල, සටන් පරිවර්ථන අපමණය. මාධ්‍යකරණය තුළ මට ප‍්‍රබල ලෙස අත්දැකීමක් ලැබූ සිද්ධිය කුමක්ද? කියා සිතුවෙමි. දශක තුනක් පුරාවට පැවැති එල්ටීටීඊ යුද්ධය, 88-89 භීෂණ සමය, දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සටන් හා පරිවර්ථන, බලපෙරළි, ප‍්‍රබල දේශපාලනඥයන් හා විද්වතුන්, සුවිශේෂී චරිතයන්හි සිදුකළ ඝාතන, මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන් සහභාගි වූ විශේෂ අවස්ථා හා මෙරට පැවැති ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා තරග මේ අතර සුවිශේෂී ස්ථාන ගනී.

දසක තුනක් පුරාවට මුළු දිවයිනම වෙලාගෙන සිටි එල්ටීටීඊ වර්ගවාදී යුද්ධයට අදාළ සිදුවීමක් පිළිබඳව සටහනක් තැබීමට මාගේ අවධානය යොමු විය. මෙම අරගලයට දේශපාලන විසඳුමක් ලබාදීමට වකවානු

රැුසකම මෙරට විවිධ රාජ්‍ය නායකයෝ විවිධ උත්සාහ ගත්හ. එම ත‍්‍රස්ත සංවිධානය සමග ඔව්හු අවස්ථා කීපයකදී වාර කීපයක් සාකච්ඡුා කළහ. ඒ සියල්ල නිරර්ථක විය. එල්ටීටීඊ සංවිධානය සමග වාර කීපයක්ම සාකච්ඡුා කළ, ඒ සාකච්ඡුා අසාර්ථක වූ කල එම සංවිධානයේ අතින් ඝාතනයට ලක්වූ රාජ්‍ය නායකයන්ද විය.

1999 දෙසැම්බර් 18 ජනාධිපතිවරණය ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ බෝම්බයකින් එම ජනාධිපතිවරණ අපේක්‍ෂිකාවක වූ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ එක් ඇසක් අහිමිවී ජීවිතය නූලෙන් ගැලවුණි. ඒ කොළඹ නගර සභා පිටියේ පැවැති ජනාධිපතිවරණ අවසන් මහා රැුළිය ඇමතීමට පැමිණි අවස්ථාවේදීය. ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ද 1993 මැයි 01 වැනිදා මෙලෙස ඝාතනය විය.

එලෙසින්ම දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ද එල්ටීටීඊ සංවිධානය සමගින් මාස හතකට අධික කාලයක් කොළඹදී සාකච්ඡුා පැවැත්විය. එවක එජාප රජයේ ප‍්‍රබලතම ඇමැතිවරු එම සාකච්ඡුා කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ සමයේ සිදුවූ රජය හා එල්ටීටීඊ බෙදුම්වාදීන් සමග පැවැති (කොළඹද) සාකච්ඡුාවල සුවිශේෂත්වය වූයේ එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශය ද ඇතැම් ප‍්‍රධානීන්ගේ ඔවුන්ගේ සටන් ඇඳුමින් එල්ටීටීඊ නිල ඇඳුමින් කොළඹට පැමිණීමය. ඒ 1989 මැයි මස 03 වැනිදා සවසය.

මා උපාලි පුවත්පත් ආයතනයේ සේවය කරමින් සිටි එක්දිනක සවස අප සහෝදර පත‍්‍රයවන ‘දී අයිලන්ඞ්’ පුවත්පතේ එවක ප‍්‍රවෘත්ති කර්තෘවරයා වූ පීටර් බාලසූරිය මහතා මා අමතා කොළඹ 02, චිත්තපම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කී‍්‍රඩාපිටිය වෙත යන ලෙස දැන්වීය. ‘එතැන එසයින්මන්ට් එකක් තියෙනවා… ගිහින් බලන්න…’ යැයි ඔහු මට කීවේ මෙම රාජකාරිය පිළිබඳව මා කිසිත් නොදැන සිටි බැවිනි. කෙසේ හෝ කාර්යාලයීය වෑන් රථයක නැඟී ගුවන් හමුදා මූස්ථානය අසලට ගියෙමි. අමුතුම හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් එහි ප‍්‍රධාන ගේට්ටුවේ ආරක්‍ෂාවේ නියැළී සිටියහ. සිතා ගන්නත් බැරි තරම්ය. වයස අවුරුදු 12-15 තරම් කොල්ලෝ කුරුට්ටෝ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන මා මෙන්ම එහි ඇතුළුවූ යමෙක් වෙතොත් ඔහු පරීක්‍ෂා කළහ. අපගේ රාජකාරි හැඳුනුම්පත පවා පරීක්‍ෂා කළහ. ඒ වනවිටත් ගුවන් හමුදා කී‍්‍රඩාංගණය වටා එවැනි ඇඳුම් ඇඳගත් ආයුධ අතැති පිරිස් ආරක්‍ෂාවට යොදා තිබුණි. මේ කවුරුන්ද?… යන්න මට මහත් ප‍්‍රහේලිකවක් විය. තවත් හෙලිකොප්ටර් යානයක් පැමිණ ගුවන් හමුදා කී‍්‍රඩාංගණය මැද නැවැත්විය. එවක ‘දී අයිලන්ඞ්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ පසුගිය 2021 අගෝස්තු 18 වැනිදා කොවිඞ් රකුසාට බිලිවූ සුරේෂ් පෙරේරා මහතා ද වීරකේසරී පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පිල්ලේ මහතා ද වූහ. ඒ අතර විදෙස් මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකු ද වූහ. මේ ඉන්නේ කැඬේට්ලා පිරිසක්ද?… කියා සුරේෂ් මතාගෙන් විමසුවෙමි. ඒ තරමට ම කොටි ළමා බළකාය පිළිබඳ එතරම් දැන අසා සිටියත් මීට කලින් ජීවමානව ඔවුන් නොදැක සිටි නිසාය. එවිට සුරේෂ් මහතා උපහාසාත්මක සිනාවක් පා අත්ලෙන් මුව වසාගෙන කීවේ ‘මුන් තමයි කොටි පැටව්’ කියාය.

මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ මුද්‍රිත හා විiුත් වශයෙන් වර්ග කළද 1989 මැයි මාසය පමණ වනවිට තිබුණේ අතේ ඇඟිලි ගාණට සමානවූ මාධ්‍ය ආයතන සංඛ්‍යාවකි.

1989 මැයි 03 වැනිදා එල්ටීටීඊ සංවිධානය සමග  ශී‍්‍ර ලංකා රජය සාකච්ඡුාව සඳහා පැමිණීමට මත්තෙන් එදින පෙරවරුවේ දෙස් විදෙස් මාධ්‍යවේදීන් කීපදෙනෙකු රැුගත් ගුවන් යානයක් මුලතිව් වනයේ පිහිටි එල්ටීටීඊ මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණි. එහිදී එල්ටීටීඊ න්‍යායාචාර්ය ආචාර්ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡුා කළ අතර මාධ්‍යවේදීන් සඳහා තැඹිලි හා කැන්ඩොස් චොක්ලට්වලින් සංග‍්‍රහ කළ බව ද මාධ්‍ය වාර්තාකර තිබුණි. යළිත් මුලතිව් සිට පිටත්වූ මාධ්‍යවේදීන් රැුගත් යානය එදින කොළඹ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කී‍්‍රඩාංගණයට ගොඩබස්වා විනාඩි දහයක් වැනි කාලයකින් එල්ටීටීඊ න්‍යායාචාර්ය ආචාර්ය ඇන්ටන් බාලසිංහම්, සිය බිරිඳ ඇඩෙලා බාලසිංහම්, යෝගරත්නම් යෝගී, ගෝපාල්ස්වාමි මහේන්ද්‍රන් (මහත්තයා), පරම මූර්ති, පංචරාම් ලෝරන්ස්, ලෝරන්ස් තිලගර්, රහීම් ඇතුළු පිරිසක් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් ගොඩ බටහ. ගුවන් හමුදා කී‍්‍රඩාංගණයේ මැද ගොඩබට එල්ටීටීඊ න්‍යායාචාර්ය ආචාර්ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු පිරිස දෙස් විදෙස් මාධ්‍යවේදීන් ගේ ප‍්‍රශ්නවලට කෙටි පිළිතුරු ලබා දෙමින්, එහි මොහොතකට හෝ නොනැවතී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රධාන ගේට්ටුව අසල නවතා තිබූ සුඛෝපභෝගී වාහනවලට නැඟ ගත්හ. ඒ වාහන පෙළ එම ගේට්ටුවෙන් පිටවී කොම්පඤ්ඤවීදිය දෙසට ඇදී යනු පෙණුනු අතර, විශාල වටයක් ඔස්සේ කොළඹ හිල්ටන් හෝටලයට පැමිණි බවත්, 1989 මැයි 04 දින සිට මැයි මස 30 වැනිදා දක්වා හිල්ටන් හා ගලධාරි යන හෝටල්වල මෙම සාකච්ඡුාවන් පැවැති බවත් මෙම සාකච්ඡුා අදියර 03 කින් 1989 ජුනි 16 සිට ජුලි 02 දක්වා ද 1989 නොවැම්බර් මාසයේදී ද පැවැති අතර, පළමු වටයේ සාකච්ඡුා සඳහා ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් එවක උසස් අධ්‍යාපන ඇමැති ඒ.සී.එස්. හමීඞ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායමට එවක කර්මාන්ත ඇමැති, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, විදේශ ඇමැති හා රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න, නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා වූ සිරිසේන කුරේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ හා පළාත් සභා ඇමැතිවරයා වූ යූ. බී. විජේකෝන්, ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමැති ධුරය දැරූ පී. දයාරත්න මහතා ද එක්ව ඇත. එල්ටීටීඊ කණ්ඩායමේ සාකච්ඡුා ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ඇන්ටන් බාලසිංහම් විසිනි.

* ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment